Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80.
Saturday, 15 September 2012 - 20:07
ශ්‍රී ලංකන් ඉතාලි ගමන් අඛණ්ඩව.
5

Shares
683

Views

ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයේ ඉතාලි ගුවන් ගමන් අඛන්ඩව ක්‍රියාත්මක වන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මෙතෙක් ශ්‍රී ලංකන් ගුවන් ගමන් රෝම නුවරටත් එතැන් සිට මිලානෝ දක්වාත් ක්‍රියාත්මක වූ අතර මිලාන් සිට නැවතත් කොළඹ දක්වා ද ගුවන් සේවා ක්‍රියාත්මක වුණා. එහෙත් අලිතාලියා ඉතාලි ගුවන් සේවය සමඟ ඇති කරගත් එකඟතාවක් අනුව හෙට සිට රෝමය සහ මිලාන් දක්වා ශ්‍රී ලංකන් ගුවන් ගමන් සිදුවනු ඇත්තේ යූ.එල්. 2028 දරන ගුවන් බසය මගින්. අලිතාලියා ගුවන් සේවය සමඟ එක්ව ක්‍රියාත්මක කරන එම යානය රෝමයේ සිට මිලාන් සහ මිලාන් සිට නැවතත් රෝමය දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකන් යානා කොළඹ සහ රෝමය අතර ක්‍රියාත්මක වනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE