Hirunews Logo
%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B7%82%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A.
Sunday, 16 September 2012 - 7:39
ලංකාව ආයෝජනයට සුදුසුම රටක් - මාස්ටර් කාඞ් ඉන්ටර්නැෂනල්.
3

Shares
469

Views


ආයෝජන සිදුකිරීමට වඩාත්ම සුදුසු රටක් ලෙස මාස්ටර් කාඞ් ඉන්ටර්නැෂනල් සමාගම විසින් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබෙනවා. මාස්ටර් කාඞ් ඉන්ටර්නැෂනල් සමාගමේ දකුණු ආසියානු ප්‍රධානී ටී.වී. ප්‍රෙශාද් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව යටිතල පහසුකම් අතින් සීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින බවයි. රාජ්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සියලූ ප්‍රදේශයන්හි ආයෝජනයන්ට හිතකර වන පරිදි යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කෙරෙන බවද ඔහු සඳහන් කර තිබෙනවා. මෙම තත්ත්වය මත ආයෝජකයන්ට ආයෝජනයන් සඳහා වඩාත් සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බවයි මාස්ටර් කාඞ් ඉන්ටර්නැෂනල් සමාගමේ දකුණු ආසියානු ප්‍රධානියා සඳහන් කර ඇත්තේ. මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහාද එමගින් නව වැඩපිළිවෙලක් දියත්කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE