සනී ලියෝන් මව් පදවිය ගැන කතා කරයි

Saturday, 18 July 2015 - 12:21

%E0%B7%83%E0%B6%B1%E0%B7%93+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බොලිවුඩයේ නැගී එන සරාගී නිළි සනී ලියෝන්ට මවක්වීමේ අදහසක් දැන්ම ම නොමැති බව ඇය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවතක් වන හින්දුස්ථාන් ටයිම්ස් වෙත පවසා තිබෙනවා. ඊට හේතුව ලෙස ඇය පවසා ඇත්තේ තමන්ගේ සිනමා සිහිනය මේ වන විට කෙමෙන් කෙමෙන් ඉතා ජනප්‍රිය තත්ත්වයට පත්ව ඇති මොහොතක මව්පදවියක් ලැබීමෙන් තමන්ට සිනමාවේ ඉහළ ස්ථානයකට ඒමට නොහැකි වනු ඇති බවයි. ඉන්දු - කැනේඩියානු සම්භවයක් ඇති සනී,  ඩැනියල් වීබර් සමග යුග දිවියට එළඹුනේ 2009 වසරේදීයි. බොලිවුඩ් සිනමාවට ඒමට ප්‍රථම ඇය නිල් චිත්‍රපට වලට පෙනී සිටි ප්‍රසිද්ධ නිළියක් වනවා. නිල් චිත්‍රපට මගින් ප්‍රසිද්ධයට පත්ව පසුව ඉන්දීය සිනමාවට පිවිසුනු සනී මේ වන විට රඟපා ඇති හින්දි චිත්‍රපට සංඛ්‍යාව 13ක්.

සනී රඟපෑ Ek Paheli Leela චිත්‍රපටයේ ගීතයක් පහතින් නරඹන්න....