සුනඛයින් දෙදෙනෙක් නිසා සුපිරි නිළි ඇම්බර් හර්ඩ් ලොකු අමාරුවක

Monday, 27 July 2015 - 16:50

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A
සමහර චිත්‍රපටි නළු නිළියන්ගේ ජිවිත වලට වෙන්නේ මාරම දේවල්. ඒ වගේ මාරම දෙයක් හොලිවුඩ් සුපිරි චරිතාංග නළු ජොනි ඩෙප්ගේ බිරිඳට සිද්ද වෙලා. හැබැයි ඒ ඔහුට නම් නෙමේ ඔහුගේ බිරිඳට. ඔහුගේ බිරිඳත් හොලිවුඩ් සිනමාවේ සුපිරි නිලියක්. ඇය තමා ඇම්බර් හර්ඩ්.

කෙසේ වෙතත් ඇයට ඇයගේ සුනඛයින් නිසා වසරක සිර දඬුවමක් සහ ඩොලර් 88,000 ක දඩයක් ගෙවීමට සිදුවන තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිය නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් දෙදෙනා නිසා ඇයට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුව ඇති බව ය.

ඇම්බර් හර්ඩ් පසුගිය මැයි මාසයේදී ඇගේ සැමියා සමග ඔවුන්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාවට අදාළ සුනඛයන් දෙදෙනා රැගෙන ගොස් තිබේ. මෙවැනි සතත්ත්වයින් නිසි අවසරයකින් තොරව ගුවන් මගින් ඕස්ට්‍රේලියාවට රැගෙන ඒම එරට නීතියට පටහැනි ක්‍රියාවක් බැවින් නීති විරෝධීව සුරතල් සතුන් ඔස්ට්‍රේලියාවට ගෙන ඒම සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයකට චෝදනාවක් එල්ල වී තිබේ.

එකී චෝදනාව ඔප්පු වුවහොත් ඇයට එක් අවුරුදු සිර දඬුවමක් ද ඩෝලර් 7,500ක දඩයක් ද නියම වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"