%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 20 August 2015 - 12:26
කැලෙන්ඩරයකට පෙනී සිටි තරුණියන් 5කට වෙච්චි දෙයක්
92,952

Views
කැලෙන්ඩරයකට පෙනී සිටි තරුණියන් පස්දෙනෙකුට ජීවිතයේ නොසිතූ සිදුවීම් වලට මුහුණදීමට සිදුවී තිබෙනවා. අවසානයේ ඔවුන් ගණිකාවන්, සිරකාරියන් සහ සියදිවි නසා ගැනීමට ද සිදුවෙනවා. මීට හේතුව ඔවුන්ගේ දැඩි ආශාව සහ තන්හාවයි. සුප්‍රසිද්ධ කැලෙන්ඩරයකට පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන් දුටු සිහින බොද කළේ "Calendar Girls" චිත්‍රපටය හරහායි. තරුණියන් පස්දෙනෙකු වටා ගෙතෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ  මාධූර් බන්දාර්කාර් විසින්. මෙම චිත්‍රපටය ලබන සැප්තැම්බර් මස 25 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි. කාන්තාවන් දෙවැනි තැනට තබා කටයුතු කරන ඉන්දියාව තුළ චිත්‍රපට අධ්‍යක්ෂකවරු ස්ත්‍රීන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට ගන්නා තවත් ප්‍රයත්නයක් ලෙස මෙය සැළකිය හැකියි.

"Calendar Girls" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න....




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE