උද්ධික පරණ වෘත්තියට

Wednesday, 16 September 2015 - 12:00

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජනප්‍රිය නළු උද්ධික ප්‍රේමරත්නගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඔහුගේ උපන් දිනයට සුබ පැතීමට මෙන්ම උද්ධික අලුතින් කරන්න යන වැඩක් පිළිබදව දැන ගැනීමට අප ඔහුට දුරකථනයෙන් කතා කළා. ඊට ප්‍රථම අප ඔබට මතක් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ උද්ධික සිනමාවට පැමිණීමට පෙර සංගීත කණ්ඩායමක ගායකයෙක්.

\"මං හිතන්නේ කෙනෙක් ජීවිතයේ මොකක් හරි ඉලක්කයක් උදෙසා වැඩ කරන්න ගත්තාම ඒ ඉල්කකය පිළිබද 200%ක 300%ක ශක්තියක් හිතේ තියාගෙන හිටියාම මං හිතන්නේ 100%ට ළගා වෙන්න පුළුවන්. නමුත් ඉතිං මම හිතන් නෑ ඒ තරම් දුර මං මගේ අභිලාශයන් සඵල කරගෙන තියෙනවා කියලා. හැබැයි ප්‍රේක්ෂකයන්ට කියන්න කැමතියි අද දවසේ මම ගීතයක් පටිගත කරලා ඉවර කළා. බොහෝම ඉක්මනින් හිරු හරහා ප්‍රේක්ෂකයන්ට ලබාදෙනවා කියන පොරොන්දුව අද දවසේ දෙන්න මම කැමතියි.\"

සමනළ සංධේවනි චිත්‍රපටයෙන් පසු රංගන ශිල්පියෙකු ලෙස සෑම කෙනෙකුගේම අවධානය දිනාගත් පුද්ගලයෙකු ලෙස ඔබට මේ වන විට එවැනි කලා නිර්මාණ වලට ආරාධනා ලැබී තිබෙනවා ද ?

\" අධ්‍යක්ෂකවරුන් මං හිතන්නේ නිශ්චිතවම ඒගොල්ලෝ තීරණය කරනවා මේ චරිතයට සුදුසු පුද්ගලයා මෙයා යැයි කියලා. ඉතිං මේ චරිතෙට මෙයා 100%ක් සුදුසුයි කියලා මට හම්බවෙච්චි චරිත තිබුනේ නැහැ. මට හම්බවෙච්චි චරිතය පිටපතට අනුව ඒ තුළ වැඩ කරමින් ඉන්න විදිහත් එක්ක තමා මං හිතන්නේ සාර්ථකත්වය මම ගොඩනගාගෙන තියෙන්නේ. ඒම විශේෂයෙන් මං  තෝරා බේරා ගැනීමක් කරනවා අඩුයි. මට ලැබෙන වැඩේ ගැන හිතලා තීරණයක් ගන්න කාලයම ඇති ඒ වැඩේ තුළ මං ප්‍රතික්ෂේප වෙන්න. වැඩේට සාධාරණයක් ඉෂ්ඨ කරමින් රංගන ශිල්පියාවත් බේරාගෙන, ප්‍රේක්ෂකයනුත් බේරගෙන, ඒ ගමන යන්නේ කොහොමද කියන තැන තමා මං හිතන්නේ බොහෝ වේලාවට අපිට හිතන්න වෙලා තියෙන්නේ.\"

අප උද්ධිකත් සමග කළ කතාබහ පහතින් අසන්න....

[MP3]s116661[/MP3]