%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Thursday, 17 September 2015 - 7:36
තමිල්නාඩුව හොල්ලන චිත්‍රපටයක් ලබන වසරේ රිදී තිරයට
73,887

Views
තමිල්නාඩුවේ දැවැන්තම සිනමා පෙරළිය ලබන වසරේ සිදුවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඉන්දීය සුපිරි නළු රජනිකාන්තගේ රංගනයෙන් නිර්මාණය වන "කබාලි" චිත්‍රපටය හරහායි. මෙය රජනිකාන්ත්ගේ 159 වැනි චිත්‍රපටය ද වනවා.

ලොව පුරා සිටින දෙමළ රසිකයින්ගේ දෑස් මවිතයට පත් කරමින් රජනිකාන්ත් අලුත්ම ස්වරූපයකින් මෙම චිත්‍රපටය මගින් රසිකයන් අතරට පැමිණෙනු ඇති බවයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ පා. රන්ජිත් ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ. මෙම චිත්‍රපටයේ පළමු ඡායාරූප එළිදැක්වීම ඊයේ (16) සිදුවූ අතර චිත්‍රපටය රිදී තිරයට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන වසරේදීයි.

අධික පිරිවැයක් දරා නිර්මාණය වෙන "කබාලි" චිත්‍රපටයේ රාධිකා ආප්ටේ සහ ප්‍රකාශ් රාජ් වැනි සුපිරි නළු නිළියන් රගපාන බවටයි වාර්තා වන්නේ. මෙහි රූගත කිරීම් සිදුවන්නේ මලයාසියාව, බැංකොක් සහ හොංකොං වැනි වාණිජ නගර කෙනේද්‍ර කරගනිමිනුයි.

"කබාලි" චිත්‍රපටයේ ප්‍රථම ටීසර වීඩියෝව පහතින් බලන්න....










Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE