දිමන්ක තාම ආධුනිකයෙක් ඇයි එයා තවත් ආධුනිකයෙක්ට පහර ගහන්නේ - ඩිලාන් ගමගේ

Friday, 18 September 2015 - 11:31

%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8+%E0%B6%86%E0%B6%B0%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A
ජනප්‍රිය ගායක දිමන්ක වෙල්ලලාලගේ ගායනා කරන \"අවසාන ප්‍රේමයයි\" ගීතයේ පිළිතුරු ගීතය මේ දිනවල ඔබට ඇසන්නට ලැබෙනවා. මෙම ගීත දෙකෙහි පද රචනය සිදුකර තිබෙන්නේ ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ විසින්. ඔහුගෙන් අප විමසා සිටියේ \"අවසාන ප්‍රේමයයි\" ගීතයේ පිළිතුරු ගීතය සිදුකිරීමට මුල සිටම අදහසක් තිබුනා ද කියා....
ඩිලාන් ගමගේ ඊට පිළිතුරු සැපයූවේ මේ ආකාරයෙන්....

\"නෑ නෑ කවදාවත් තිබ්බේ නැහැ. කවදාවත් තිබ්බෙත් නැහැ. මං කවදාවත් එහෙම දෙයක් කරලා තිබ්බෙත් නැහැ. අපි මේ ක්ෂේත්‍රයේ යම්කිසි දෙයක් කරගනිමින් ඉන්න වෙලාවක අපිට නවකයෙක්ට අතදෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි හොදම අවස්ථාව කියලා තමයි සිංදු මම කරේ. අනිත් එක තවත් මේකේ දෙයක් කියන්න ඕන දෙයක් තියෙනවා. මම දැක්කා දිමන්ක මල්ලි කියලා තිබ්බා මේක හරි වේදනාකාරී දෙයක් මේක මේමයි කියලා. මේක ඇතුලේ තවත් සැගවුණු කතාවල් ගොඩක් තියෙනවා. මේ ගීතයේ සියලුම අයිතීන් තියෙන්නේ මම ගාව. මම දිමන්කට මේ සිංදුව ගායනය වෙනුවෙන් රු. 450,000ක මුදලක් ගෙවලා තියෙනවා. එතකොට මේ ගීතය නිර්මාණය කරලා මං දිමන්කට කිව්වාම් පස්සේ මට කිව්වා අයියේ කමක් නෑ මගේ නම දාන්න කියලා Original Singer කියලා. එතනදී ඇත්තටම මම ඒ නිකුත් කළ ගීතයේ හැමතැනම දිමන්ක වෙල්ලාලගේ තමයි මේකේ Original Singer කියලා නම දැම්මා. ඊට පස්සේ මම හිතන්නේ එයා මට කතා කරලා කිව්වා අයියේ මේකෙන් මගේ Show ටික නැතිවෙයි ද දන්නේ නෑ. පොඩ්ඩක් අකමැත්තක් ප්‍රකාශ කළා. ඊට පස්සේ තමයි එයා මම හිතන්නේ මම නොදැන කරපු දෙයක් කියලා එයා මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබ්බා. දිමන්ක මල්ලි තාම ආධුනිකයෙක්. ආධුනිකයෙක් විදිහට ඇයි තව ආධුනිකයෙකුට මේ තරම් පහර ගහන්නේ, ඊර්ෂියා වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නෙත් නැහැ. තමන් කොහොමද ක්ෂේත්‍රයට ආවේ කියලා මෙච්චර ඉක්මනට අමතක වෙන්නේ ඇයි කියලා මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.\"

ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ සමග අප කළ සංවාදය පහතින් අසන්න...

[MP3]s116779[/MP3]

\"අවසාන ප්‍රේමයයි\" ගීතය පහතින් නරඹන්න....



\"අවසාන ප්‍රේමයයි\" ගීතයේ පිළිතුරු ගීතය පහතින් නරඹන්න...