%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 24 February 2017 - 14:44
සැඟව සිටි වෝල්වරින් යළිත් එළියට
155

Shares
18,710

Views
සිනමා ලෝලීන්ට වෙනස්ම අත්දැකීම් සමුදායක් තිළිණ කළ වෝල්වරින් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපය "ලෝගන්" ලබන මාර්තු මාසයේ ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සුදානම් වනවා.

වෝල්වරින් චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපට වල මෙන් මෙම චිත්‍රපටයේද ප්‍රධාන චරිතයට Hugh Jackman විසින් පණපොවනු ලබනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 127ක නිෂ්පාදන පිරිවැයක් දරමින් නිෂ්පාදනය කර ඇති මෙම සිනමා පටය ලබන මාර්තු මස 03වනදා ජර්මනියේදී ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂ James Mangoldගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී ඇති ලෝගන් සදහා Sam Worthington, Octavia Spencer, Tim McGraw වැනි රංගන ශිල්පින් රංගනයෙන් දායක වී තිබෙනවා.

පැය 02යි මිනිත්තු 17ක ධාවන කාලයකින් යුක්ත මෙම නිර්මාණය වෝල්වරින් චිත්‍රපට මාලාවේ වෙනස්ම තේමාවක් යටතේ නිර්මාණය වුවක් බවයි එහි නිෂ්පාදකයන් පවසන්නේ.

චිත්‍රපයේ පුර්ව ප්‍රචාරකපටය පහතින්.









Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE