%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 25 February 2017 - 18:39
ඉන්දියාවෙන් විප්ලවකාරී සිනමාපටයක්
184

Shares
22,162

Views
මේ දිනවල බොලිවුඩයේ සුවිශේෂී චිත්‍රපටයක් තිරගත කිරීම ආරම්භ කොට තිබෙනවා.

ඒ 'Rangoon' ලෙසින් නම් කළ 1940 දශකයේ ඉන්දියාව තුළ සිදුවූ විප්ලවකාරී යුද්ධ ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක්.

තුන්කොන් ආදර කතාවක් සමග එවකට පැවති ජාතික විප්ලවයන් අතර එකිනෙකට බැඳුනු සිදුවීම් දාමයක් මේ තුළ අන්තර්ගත වී ඇති බව සඳහන්.

චිත්‍රපටය Vishal Bhardwaj ගේ අධ්‍යක්ෂණයක් වන අතර Shahid Kapoor, Saif Ali Khan සහ Kangana Ranaut ප්‍රධාන චරිත ලෙස මෙතෙක් නොදුටු වෙනස්ම ස්වරූපයකින් රංගනයෙන් දායකත්වය දී තිබෙනවා.

පැය 2 මිනිත්තු 47 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ඉන්දීය ඉතිහාසය පිළිබඳ විප්ලවකාරීත්වය බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනා ගනු ඇති බවයි ඉන්දීය සිනමාලෝලීන් ප්‍රකාශ කරන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE