සල්මාන් ඛාන්ගෙන් තවත් චිත්‍රපට ගීතයක්

Sunday, 26 February 2017 - 16:11

%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සල්මාන් ඛාන් බොලිවුඩයේ රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු වශයෙන්ද ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

ඒ ඔහු විසින් මීට පෙර නිකුත් කරන ලද “Jag Ghoomeya” සහ “Main Hu Hero Tera” නම් ගීත තුලින්.

බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් ලෙස ඔහු මෙවර Manjrekar විසින් අධ්‍යක්ෂණය කරන ලද “FU - Fun Unlimited” නම් චිත්‍රපටයේ ගීතයකටයි මෙලෙස  ගායනයෙන් දායක වී ඇත්තේ.

අධ්‍යක්ෂක Manjrekar සඳහන් කරන්නේ එම චිත්‍රපට ගීතය “Rubic\'s Cube” ලෙස නම් කර තිබෙන Marathi ගීතයක් බවයි.

ලබන ජුනි මස තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය සිනමාවේ සංගීතමය රසවින්දනය පිලිබඳව කතාවක් ඇතුලත් බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ සල්මාන්ගේ මෙතෙක් ගැයූ ගීත අතර මෙය අතිශය වෙනස් ගීතයක් වනු ඇති බවයි.