%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 03 March 2017 - 18:12
සුරූපී නිළි එමා වොට්සන් විරූපිකයෙකු සමඟ ආදරයෙන් වෙලෙයි
45,529

Views
හොළිවුඩ් සුරූපී නිළි එමා වොට්සන්ගේ නවතම චිත්‍රපටය පිලිබදව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

සුරංගනා කථාවක් ආශ්‍රයකර ගනිමින් නිර්මාණය කර ඇති Beauty and the Beast චිත්‍රපටය මේ මස 16 වනදා උතුරු කොරියාවේ දී ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතයි.

Emma Watson මෙහි ප්‍රධන චරිතය නිරූපනය කරන අතර Dan Stevens, Luke Evans, Josh Gad, Ian McKellen සෙසු චරිත සදහා රංගනයෙන් දායක වී තිබෙනවා.

1991 වසරේ නිෂ්පාදනය කෙරුණු  Beauty and the Beast චිත්‍රපටය, නැවත නිෂ්පාදනයක් ලෙසයි මෙය සැලකෙන්නේ.

හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ Bill Condon විසින් අධ්‍යක්ෂණය කල මෙම නිර්මාණය Stephen Chbosky සහ  Evan Spiliotopoulos විසින් තිර රචනය කර තිබෙනවා.

පැය 02යි මිනිත්තු 09ක ධාවන කාලයකින් පුරාවට දිග හැරෙන Beauty and the Beast චිත්‍රපටය තුල සුරූපී තරුණියක් විරූපිකයෙකු සමඟ ආදරයෙන් බැදෙන සිදුවීමක් අන්තර් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE