%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%B6%E0%B7%92+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Sunday, 12 March 2017 - 14:46
හොලිවුඩයෙන් කරලියට එන සුපිරි බලයකින් හෙබි ආශ්චර්යමත් කාන්තාව
21,951

Views
හොලිවුඩයේ සිටින දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන Patty Jenkinsගේ නවතම සිනමා නිර්මාණය Wonder Woman සිනමා පටය මේ වසරේදී නිකුත් වීමට නියමිතයි.

Wonder Woman සිනමා නිර්මාණය සදහා Chris Pine, Robin Wright, Robin Wright,David Thewlis වැනි හොලිවුඩ් ශිල්පින් රංගනයන් දායක වන අතර Gal Gadot මෙම චිත්‍රපටයේ Wonder Woman චරිතය සදහා පණ පොවනු ලබනවා.

සුපිරි බලයකින් හෙබි ආශ්චර්යමත් කාන්තාවක් සහ තරුණ ඇමරිකානු ගුවන් නියමුවෙකු වටා මෙම සිනමා පටයේ කතාව ගොඩනැගී තිබෙනවා.

හොලිවුඩ් නිර්මාණ රැසකට කතා සංකල්පයන් නිර්මාණය කළ  Zack Snyderගේ කතාවක් ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති බව සදහන්.

මේ වසරේ ජුනි මස 02දා ඇමරිකාවේදී Wonder Woman සිනමා නිර්මාණය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.
 
චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE