%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
Wednesday, 15 March 2017 - 14:31
තනිකඩ පියෙකු වීම ගැන බොලිවුඩයේ සුපිරි තරුවක් කියන කතාව
100

Shares
12,007

Views
බොලිවුඩයේ සිටින තනිකඩ පියෙයෙකු වීමේ භාග්‍ය දක්ෂ රංගන ශිල්පියෙකු වන තුෂාර් කපූර් හටත් හිමිව තිබෙනවා.

කුලියට ගත් ගර්භාෂයක් මඟින් තම දරුවා බිහිකර ගැනීමට පසුගිය වසරේ ජුනි මාසයේදී ඔහුට අවස්ථාව ලැබුණා.

ලක්ෂ්‍ය ලෙසින් නම යොදා ඇති මවක් නොමැතිව තුෂාර් කපූර්ගේ උණුසුම ලබමින් හැදී වැඩෙන එම දරුවා මේ වනවිට තමන්ට කතා කිරීමටද හුරු වී ඇති බවයි තුෂාර් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

තුෂාර් කපූර් පවසන්නේ වෛද්‍ය විද්‍යාවේ ඇතිවී ඇති  දියුණුව තමන්ට පියෙකු වීමේ වාසනාව උදාකර දුන් බවයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ විවාහක යුවලක් දරුවෙකුගෙන් විදින ආශ්වාදය තමන් පියෙකු වශයෙන් තනිව විදින බවයි.

මොහුට අමතරව බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් වන කරන් ජෝහාර්ද කුලියට ලබාගත් ගර්භාෂයක් මඟින් දියණියන් දෙදෙනෙකු බිහිකරගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :