%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7
Monday, 20 March 2017 - 10:59
විරූපිකයෙකු සමඟ ආදරයෙන් බැදෙන සුරූපී තරුණිය වාර්තා පොත් අතරට
49

Shares
5,894

Views
පසුගියදා ලොව පුරා  ප්‍රදර්ශනය ආරම්භ කළ Beauty and the Beast චිත්‍රපටය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති අන්තයේදී  වාර්තා කළ ඉහළම අදායම උපයා ගැනීමට සමත්වෙමින්.

මිට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ පසුගිය වසරේ තිර ගතවූ බැට්මෑන් වර්සස් සුපර්මෑන් චිත්‍රපටයයි.

 චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති අන්තය තුළදී පමණක් Beauty and the Beast චිත්‍රපටය උපයා ඇති ආදයම ඇමරිකානු ඩොලර් මිලියන 170ක් බවයි වාර්තා වන්නේ.

1991 වසරේ බිහි වූ කාටුන් චිත්‍රපටයක් පාදක කර ගනිමින් මෙය නිර්මාණය කර තිබෙනවා.

විරූපි මිනිසෙකු සමග ආදරයෙන් බැදෙන සුරූපී තරුණියක් වටා මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී තිබෙනවා.

සුරූපී හොලිවුඩ් රංගන ශිල්පිනි එමා වොට්සන් මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතය සදහා පණ පොවනවා.

චිත්‍රපටයේ  පුර්ව ප්‍රචාරකපටය පටය පහතින්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :