හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ දෙවන අවසන් පුර්ව තරග වටයේ ශාක්‍යන්ස් සහ මායන්ස් ගැටුම

Wednesday, 12 April 2017 - 21:23

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8
ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පසුගිය සෙනසුරාදා රාත්‍රිය බබළවමින් දෙවන අවසන් පූර්ව තරඟ වටයේ තරඟ කල කණ්ඩායම් දෙක වූයේ ශාක්‍යන්ස් සහ මායන්ස් කණ්ඩායම් ද්විත්වයයි.

සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජීවමාන රංගන පෞරුෂය ප්‍රවීන රංගනවේදී රවීන්ද්‍ර රංදෙණිය, හෙළ සිනමාවේ සුරූපිණියක් මෙන්ම ආකර්ෂණීය චරිතයක් වන සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ  ප්‍රවීණ සංගීතවේදී රංග දසනායක.

ප්‍රේක්ෂක සැම ආදරයෙන් හා උණුසුමින් පිළිගනිමින් මෙම දෙවන අවසන් පූර්ව තරඟාවලියේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය උරගා බැලුවේ එදින තරඟ වැදුණු  \"මායන්ස්\"  කණ්ඩායමේ නායිකාව සේමිණි ඉද්දමල්ගොඩ හා \"ශාක්‍යන්ස්\" කණ්ඩායමේ නායිකාව නිල්මිණි තෙන්නකෝන් විසින් වන අතර කාසියේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගන්නට සමත් වූයේ \"ශාක්‍යයන්ස්\" කණ්ඩායමයි.

කණ්ඩායම් දෙකෙහිම කරට කර තරඟයකින් නර්තනවරය තරගවටයේ දෙපිළම ලකුණු 33 බැගින් සහ  ගායනවරය යන ස්වයංවරය සහ Super Battle Round යන තරඟවලින් ජයගැනීමට ශාක්‍යන්ස් කණ්ඩායම සමත් වුණා.

Super Battle Round තරඟ වටයෙන් තම දක්ෂතා අනෙක් කණ්ඩායමට වඩා ඉහළින් පෙන්වූ ශාක්‍යන්ස් කණ්ඩායම ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා.

සම්පූර්ණ තරඟාවලිය පහතින් බලන්න.