කෝටි 1.5 කට අධික ත්‍යාග පිරිනැමෙන රියැලිටි ටෙලිවිෂන් කරළිය උඩු යටිකුරු කළ \" Hiru Megastars\" අවසන් මහා තරඟය අදයි

Saturday, 29 April 2017 - 11:58

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+1.5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%B8%E0%B7%99%E0%B6%B1+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%5C%22+Hiru+Megastars%5C%22+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලාංකීය රියැලිටි ටෙලිවිෂන් නව්‍යකරණයේ අභිමානවත් රන්වන් රැය... \" Hiru Megastars\" අවසන් මහා තරඟය අද (29) රාත්‍රී 7.30 ට ආරම්භ වනවා.

ඒ නිල්මිණි තෙන්නකෝන් ප්‍රමුඛ ශාක්‍යන්ස් සහ යුරේනි නොෂිකා ප්‍රමුඛ සූර්යන්ස් කණ්ඩාම් දෙක සමඟින්.

අද තරඟයේදී මේ කණ්ඩායම් දෙක අතරින් ජයග්‍රාහී කණ්ඩායම තෝරාගනු ලබන්නේ ප්‍රේක්ෂක ඔබගේ මනාපයෙන්.

දකුණු ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද පළමු වරට එකම රියැලිටි ටෙලිවිෂන් වැඩසටහනකදී, එකම දවසක් තුළ වැඩිම වටිනාකමකින් යුත් සුපිරි තෑගී රැසක් හිමිකර ගැනීමට  \" Hiru Megastars\" නරඹන ප්‍රේක්ෂක ඔබට හැකිවුණා.

\" Hiru Megastars\" තුලින් ප්‍රේක්ෂක ජනතාවට සහ තරඟකරුවන්ට ලබාදී ඈති තෑගි වල වටිනාකම රුපියල් කෝටි 1.5 කට අධිකයි.

එමෙන්ම අද පැවැත්වෙන \" Hiru Megastars\" අවසන් මහා තරගයේදීද ලංකාවේ ප්‍රථම වරට එළඹෙන සෑම විරාමයකදීම ඔබ කැමතිම කණ්ඩායමට මනාපය ලබා දීමෙන් ප්‍රේක්ෂක ඔබටත් අධික වටිනාකමකින් යුත් තෑගි දිනා ගැනීමේ සුවිශේෂ අවස්ථාවක් හිමිවනවා.

එහිදි පළමු විරාමයේදී SMS කර ජය ගන්නා ජයග්‍රාහකයාට මුදලින් රුපියල් 235,000 ක් වටිනා මහින්ද්‍රා ස්කූටරයක්ද, දෙවන විරාමයේදී SMS කර ජය ගන්නා ජයග්‍රාහකයාට අඟල් 50 ක සුපිරි සිංගර් ස්මාර්ට් රූපවාහිනි යන්ත්‍රයක්ද, තෙවන විරාමයේදී SMS කර ජයගන්නා ජයග්‍රාහකයාට රුපියල් 235,000 ක් වටිනා මහින්ද්‍රා ස්කූටරයක්ද ලබාදීමට නියමතයි.

තවද තරඟාවලියේ දක්ෂතා දැක්වූ සුපිරිතම තරුවට සහ අවසන් මහා තරඟයේ සුපිරිතම තරුවට රුපියල් ලක්ෂ 20 බැගින් වටිනා අති නවීන Cherry QQ මෝටර් රථ දෙකක් මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමීමට නියමිතයි.

\" Hiru Megastars\" අවසන් මහා තරකා සංග්‍රාමය බලන්න.. උත්කර්ෂවත් රියැලිටි ටෙලිවිෂන් ආශ්වාදයේ කොටස්කරුවෙකු වන්න.. අද රාත්‍රි 7.30 ට නොවැරදීම ගෙදර ඉන්න...

අද දින අවසන් මහා තරඟයට තරඟ වදින නිල්මිණි තෙන්නකෝන් ප්‍රමුඛ ශාක්‍යන්ස් මෙන්න.

අද දින අවසන් මහා තරඟයට තරඟ වදින යුරේනි නොෂිකා ප්‍රමුඛ සූර්යන්ස් මෙන්න.