ආසියානු සංචාරය අවලංගු කළ පිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කරයි

Friday, 12 May 2017 - 9:46

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇමරිකානු පොප් ගායක පිට්බුල්ගේ ආසියානු සංචාරය අවලංගු කළ බව ඔහුගේ කළමනාකාරීත්වය නිවේදනය කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස පිට්බුල්ගේ ආසියානු සංචාරයට අයත් ජපානය, සිංගප්පූරුව, හොංකොං, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, තායිපේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ශන අවලංගු වනවා.

සංචාරය අවලංගු කිරීම නිසා ඇතිවු සංගීත රසකාමීන්ට ඇතිවු අපහසුතාව පිළිබඳව කණස්සල්ල පළ කරන බවයි පිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කළේ.

පිට්බුල්ගේ ශ්‍රී ලංකාවේ සංදර්ශනය සඳහා මුදල් ගෙවා ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ආපසු ගෙවීම මැයි 15 වනදා සිට මැයි 20 වනදා දක්වා පෙරවරු 10 සිට රාත්‍රි 07 දක්වා හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානයේදී සිදුකෙරෙනවා.

ඔවුන් ඊට අදාළ රිසිප්ට් පත (ඡායා පිටපත් භාරගනු නොලැබේ) සමඟ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු වන අතර, වැඩිදුර විස්තර 077 30 35 930 දුරකතන අංකයෙන් ලබාගත හැකියි.

අන්තර්ජාලය හරහා Gettickets.lk වෙබ් අඩවියෙන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා අදාළ මුදල් එම ක්‍රෙඩිට් කාඩ්පත් වෙත දින 30 ක් තුළ බැර කෙරෙනු ඇති.

මැයි 20 වනදායින් පසු මුදල් නැවත ලබාගැනීම වෙනුවෙන් කෙරෙන ඉල්ලීම් සලකා බැලෙන්නේ නැහැ.

ඊට අදාළ වැඩිදුර විස්තර 077 56 69 339 යන දුරකතන අංකයෙන් Gettickets.lk වෙබ් අඩවිය ඇමතීමෙන් ලබාගත හැකියි.