බොලිවුඩ් නිළි ක්‍රිතිකාගේ මළ සිරුර නිවසකින් හමුවේ

Tuesday, 13 June 2017 - 16:05

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අභිරහස් ලෙස මියගොස් සිටියදී ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර හමුවී තිබෙනවා.

ඉන්දියාවේ, සුබුර්බන් අන්දීරිඓ පිහිටි ඇගේ නිවස තුළදී ඇයගේ මළසිරුර ඊයේ (12) හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට පොලීසිය මෙය ඝාතනයක් ලෙස සැක කෙරෙන අතර මේ වන විට මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති බව සදහන්.

ක්‍රිතිකා චෞද්‍රිගේ නිවස දෙසින් දුර්ගන්ධයක් එන බවට අසල්වාසීන් විසින් සිදුකළ පැමිණිලි අනුව කළ සොයා බැලීමේදී ඇයගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

පොලිසිය විසින් නිවසේ දොර කඩා නිවාස තුලට ඇතුළු වුවද ගෙවුණු දින කිහිපය තතුළදී නිවස අඟුළු ලා තිබුණේ පිටතින් බවද හඳුනා ගෙන ඇතැයි වාර්තාවනවා.

අධික ලෙස නරක්වී තිබූ  ක්‍රිතිකාගේ මළසිරුර ඇයගේම බවට පසුව හඳුනාගෙන තිබෙනවා.

මිනීමරුවා  තවමත් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

ක්‍රිතිකා චෞද්‍රි, හරිද්වාර්හි සිට පැමිණ රංගන වෘත්තීයේ නිරත වූ අතර ඇය 30 හැවිරිදි වියේ පසුවූ බව සදහන්.



\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"