%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%81%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 19 July 2017 - 12:40
හදවත් වශී කළ සුරූපී රංගන ශිල්පිනිය ගෙලවැලලාගෙන මියයයි
54,883

Views
තමන් රංගනයේ එක්වූ චිත්‍රපටය තිරගත වෙද්දී රංගන ශිල්පිනියක් සිය නිවස තුලදී සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස සියදිවි හනිකරගෙන ඇත්තේ ජනප්‍රිය හින්දි චිත්‍රපට රංගන ශිල්පිනි Bidisha Bezbaruah.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇයගේ දේහය නිවස තුල තිබියදී ඊයේ පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි.

30 හැවිරිදි ඇය මේ වනවිට තිරගත වන  Jagga Jasoos චිත්‍රපටයට ඇතුළු චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායකවී තිබෙනවා.

Bidisha ගේ පියා විසින් ඉකුත්දා ඇයට ඇමතුමක් ලබාදී ඇති අතර එයට පිළිතුරු නොදීම හේතුවෙන් පියාට ඒ පිළිබඳව සැකසිතී පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව පොලිසිය විසින් සිදුකළ සෝදිසි කිරීමකදීයි දිල්ලියේ ඇගේ නිවස තුළ තිබී ගෙළවැලලාගෙන මියගොස් සිටි ඇයගේ දේහය සොයාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් ඇයගේ පියා පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මෙම මරණය සැක සහිත බවයි.

තම දියණියට සියදිවි හානිකරගැනීමට තරම් ගැටළුවක් නොතිබූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර මීට වසරකට පමණ පෙර ඇය විවාහ වී ඇති අතර ඇයගේ සැමියාගෙන්ද අදාළ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE