%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Thursday, 27 July 2017 - 18:36
සුපිරි ගායකයා සුපිරි රථයෙන් කැමරාකරුවෙකු යටකරයි
10,210

Views
කැනඩා ජාතික යොවුන් පොප් ගායක ජස්ටින් බීබර් (Justin Bieber) , පැපරාසි කැමරාකරුවෙකු සිය වාහනයේ වද්දා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හිදී, පල්ලියෙන් රාත්‍රියේ පිටව යන අවස්ථාවේ සිද්ධිය වූ ආකාරය වීඩියෝවල සටහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් වාහනයේ ගැටී ඇද වැටුන පුද්ගලයා අසලට බීබර් පැමිණ ඇති අතර එහි පැමිණි පොලිසියටද සහය දක්වා තිබෙනවා.

අවුරුදු 57 ක් වයසැති මෙම පැපරාසි කැමරාකරුවා සිද්ධියෙන් සුළු තුවාල ලබා  අසල රෝහලකට රැගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා කියා සිටියා.

බෙයිජිං  සංස්කෘතික බියුරෝව පසුගිය දා කියා සිටියේ පොප් ගායක ජස්ටින් බීබර්ට චීනයේ සිය සංගීත සංදර්ශන පැවැත්වීම තහනම් කරන බවයි.

නරක හැසිරීමක් තිබෙන තරුණ පොප් ගායකයාට සිය රටේ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දිය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළා.

ජස්ටින් බීබර් යනු ඉතාමත් දක්ෂ ගායකයෙක් බව පිළිගත්තත් ඔහු මතභේදයට ලක් වූ විදේශීය ගායකයෙක් බවයි එහි දැක්වුණේ.

බීබර් කරුණු වටහා ගන්නා වැඩි වියට එළැඹි, සිය වචන සහ හැසිරීම පාලනය කරගනිමින් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන ගායකයෙකු බවට පත්වනු ඇතැයි ද ඔවුන් අපේක්ෂා පළ කර තිබුනා.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE