%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Saturday, 09 September 2017 - 11:40
සිත් වසඟයට ගත් සුපිරි නළුවා අභිරහස් ලෙස සිය නිවස තුළදී දිවියෙන් සමුගනී (ඡායාරූප)
546

Shares
65,608

Views
ලොවම ආදරය කළ ඇමෙරිකානු සුපිරි නළු Blake Heron සිය නිවස තුළදී අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

Blake Heron මියයනවිට 35 වන වියේ පසුවූවා.

අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ Blake කලක් පුනුරුත්ථාපන කඳවුරකද රැඳී සිටියා.

ඉන් නැවත පැමිණීමෙන් අනතුරුවයි Los Angeles හි පිහිටි සිය නිවස තුලදී ඔහු මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ.

ඔහුගේ පෙම්වතිය එම නිවසට පැමිණි අවස්ථාවේදීයි මොහු මියගොස් ඇතිබව දැනගෙන ඇත්තේ.

Blake ලොව පුරා වඩාත් ජනප්‍රිය වූයේ Shiloh නම් ජනප්‍රිය චිත්‍රපටයේ Marty Preston ගේ චරිතයෙන්.

Blake Heron ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර එරට බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE