%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Saturday, 14 October 2017 - 12:26
සුපිරි නිළියගෙන් චිත්‍රපට නිෂ්පාදකයෙක් ගැන ආන්දෝලානාත්මක හෙළිදරව්වක්
4,893

Views
හොලිවුඩ් සුපිරි චිත්‍රපට නිෂ්පාදකයෙක් වන harvey weinstein හට ජනප්‍රිය නිළියක් විසින් ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ලකර තිබෙනවා.

ඇය Rose McGowan නම් ජනප්‍රිය ඇමෙරිකානු නිළියයි.

අදාළ හෙළිදරව්ව සිදුකර ඇත්තේ Rose McGowan විසින් විශේෂ ට්විටර් පණිවුඩ මගින්.

කෙසේ වෙතත් harvey weinstein හට ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන චෝදනා රැසක් ම එල්ලවී ඇති අතර බ්‍රිතාන්‍ය පොලිසිය සහ ඇමෙරිකානු පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර Angelina Jolie සහ Gwyneth Paltrow ඇතුළු ජනප්‍රිය නිලියන් රැසක් ඔහු වෙත ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලකිරීමත් සමඟ harvey weinstein නමැති මෙම නිෂ්පාදකවරයා ඔහු විසින්ම නිර්මාණය කරන ලද The Weinstein Company විසින් ඉවත්කර තිබෙනවා.

harvey weinstein විසින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.

ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඕනෑම කාන්තාවක සමග තමන් ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්තෙන් බවයි.

එය ප්‍රතික්ෂේප කරන Rose McGowan පරුෂ වචනයෙන් පවා බැනවදිමින් harvey weinstein තමන් දූෂණයකළ බව සඳහන් කිරීමත් සමඟ ඇයගේ ට්විටර් ගිණුමද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ අදාළ නිෂ්පාදකවරයාට මීට පෙරද ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ලවී ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුට එල්ලවන නවතම චෝදනාව Rose McGowan විසින් එල්ලකරමින් පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව ප්‍රථමයෙන් Amazon Studio හි ප්‍රධානී Roy Price වෙත් දැනුම් දුන්නද ඔහු එය නොතැකු බවයි.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ මෙවැන්නක්

" harvey weinstein මාව දුෂණයට ලක්කළ බව මම ඔබේ ආයතනයේ ප්‍රධානියාට කිවුවා. නැවත නැවතත් කිවුවා. ඔහු කිව්වේ තාම ඒක ඔප්පුවෙලා නෑ කියලා. මම කිවුවේ මම තමයි ඒකට සාක්ෂිය කියලා."

මේ වනවිට ඔහුද ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වීමෙන් අනතුරුව සේවයේ අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE