%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+Mersal+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB
Tuesday, 17 October 2017 - 11:21
දකුණු ඉන්දීය ජනප්‍රිය නළු විජෙයිගේ Mersal චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර
5,990

Views
දකුණු ඉන්දීය සිනමා උන්මාදය එලෙසින්ම මේ වනවිට වවුනියාව නගරයේදීද දක්නට ලැබෙනවා.

දීපවාලි දිනයට සමගාමීව හෙට (18) දින තිරගතවීමට සුදානම් කොට ඇති දකුණු ඉන්දීය සුපිරි නලුවෙකු වන විජෙයි රංගනයෙන් දායක වන සිනමා පටයක් වෙනුවෙන් මෙම ප්‍රේක්ෂක උන්මාදය ඇතිවී තිබෙනවා.

චිත්‍රපටයේ නම Mersal වන අතර එහි දකුණු ඉන්දීය සිනමා රසිකයන්ගේ "නායකයා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන විජෙයි රංගනයෙන් එක්වනවා.

දකුණු ඉන්දියානු සිනමා ශාලා අසළ ස්ථාපිත කොට ඇති ආකාරයට තරුණයින් සිය පෞද්ගලික මුදලින් ඉතා විශාල ප්‍රමාණයේ ප්‍රචාරක දැන්වීම් පුවරු සාදා වවුනියාවේ වසන්ති සිනමාශාලාව ඉදිරිපස සකස් කොට තිබෙන අයුරු දැකගන්න ලැබෙනවා.

අඩි 25 ක පමණ උසින් යුතුව දකුණු ඉන්දීය සුපිරි නලු විජෙයිගේ ඡායාරූප සකස් කොට වවුනියාව නගරයේ සිනමා ශාලාව සම්පූර්ණයෙන්ම වැසි යන ආකාරයට ආවරණය කොට තිබෙනවා.

වවුනියාව දමිළ තරුණයින් තවත් සිනමා ප්‍රචාරක පුවරු ස්ථාපිත කිරීමට අවසර ඉල්ලන නමුත් අදාළ ප්‍රචාරක පුවරු ස්ථාපිත කිරීමට ස්ථානයක් නොමැති බැවින් ප්‍රචාරක පුවරු සකස් නොකරන ලෙසට තමන් තරුණයින්ගෙන් ඉල්ලා සිටි බවයි වවුනියාව සිනමාශාලා හිමිකරු ප්‍රකාශ කරන්නේ.

එම සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.




(වවුනියාව - මාධව කුලසූරිය)

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE