%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B7%92-+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 20 November 2017 - 16:28
මධුරි- අනිල් යළි පෙම්වතුන් වෙයි
113

Shares
13,592

Views
බොලිවුඩ් හි නවතම ප්‍රවනතාවය වන්නේ පැරණි තරු ප්‍රේමවන්තයින් ලෙස රඟපානු ලබන නිර්මාණ බිහිකිරීමයි.

මේ අනුව එහි නවතම අත්දැකීම ලොව පුරා විසිරී සිටින බොලිවූඩ් රසිකයින්ට ලබන වසරේදී විඳගැනීමට හැකිවෙනවා.

දශක ගණනාවක් බොලිවුඩ් හි රසික හදවත් දිනූ සුරූපී මධුරි ඩික්සිත් සහ අනිල් කපූර් පෙම්වතුන් ලෙස මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට පණ පෙවීමට නියමිතයි.

චිත්‍රපටය නම්කර ඇත්තේ "ටෝටල් ධමාල්" ලෙසයි.

මොවුන් දෙදෙනා මෙවර පෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙන්නේ වසර 17කට පසුව බවයි වාර්තා වන්නේ.

චිත්‍රපටයේ රූගත කිරීම් ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ වන බව සඳහන්.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE