අසංක ප්‍රියමන්ත පීරිස්ගේ පුත් අසන්ත ශ්‍රීමාල් පීරිස් සංගීත ක්ෂේත්‍රයට

Tuesday, 21 November 2017 - 16:19

%E0%B6%85%E0%B7%83%E0%B6%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ජනප්‍රිය ගායක අසංක ප්‍රියමන්ත පීරිස්ගේ පුතු වන අසන්ත ශ්‍රීමාල් පීරිස් සංගීත ක්ෂේත්‍රයට එළඹීමට සුදානමින් සිටිනවා.

ඔහුගේ ගීත කිහිපයක් මේ වනවිටත් නිර්මාණය කර අවසන් බවයි අසංක හිරු කළ විමසීමකදී සඳහන් කළේ.

තමා ගැයූ නව ගීත 3ක් නොබෝ දිනකින් රසිකයින් වෙත ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

හිරු විකසිත වී ගී එකතුවත් සමග කරළියට පැමිණි අසංක පසුව ඉරබටු තරුව, ආලවන්ත ඇස්‌, සඳ දෙව්දුව, සුවඳ අසපුවේ, කඳුළු අහංකාරයි, කඳුළු සමනලයෙක්‌, නීල ඉඳුවර වැනි ගීත එකතු කිහිපයක්‌ ඉදිරිපත් කළා.

අසංක ප්‍රියමන්ත පීරිස් සිය දියණියගේ උපන්දින සාදයේදී පුතු සමඟ ගීතයක් ගැයූ අයුරුයි මේ.