%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+16+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
Wednesday, 22 November 2017 - 13:19
තමන් හමුවීමට පැමිණි 16 හැවිරිදි බාලවස්කාර තරුණියකට අමුතු වැඩ පෙන්වූ සුපිරි සිනමා වීරයා
5,779

Views
රම්බෝ චිත්‍රපටය හරහා ලෝකයම ආදරය කළ හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් හට ලිංගික අපචාර චෝදනාවක් එල්ලවී තිබෙනවා.

1980 වසරේදී ඔහුගේ රසිකවියකට ශරීර ආරක්ෂයෙකු සමඟ එක්වී 16 හැවිරිදි බාලවස්කාර තරුණියකට ලිංගික අතවර කළ බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ප්‍රකාශිකාව වන Michelle Bega සඳහන් කර ඇත්තේ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

අදාල පුවත හාස්‍යජනක අසත්‍ය තොරතුරක් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පිටු 40 කින් සමන්විත පොලිස් වාර්තාවක් උපුටා දක්වමින් මෙම පුවත වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම ලාස් වේගාස් හි හොටල් කාමරයක් තුල සිදුවූවක් බවයි එම වාර්තා වල සඳහන් වන්නේ.

එහිදී සමරු සටහනක් ලබාගැනීමට අදාළ බාලවයස්කාර තරුණිය ඔහු හමුවට පැමිණ ඇති බවත් එහිදී ඔවුන් අතර හඳුනුම්කමක් ඇතිකරගත් බවද එම වාර්තාවේ දැක්වෙනවා.

අනතුරුව චෝදනාව එල්ලවී ඇති දෙවන පුදගලයා වන ශරීර ආරක්ෂකයා විසින් තමන්ට හොටලයේ කාමරයක යතුරක් ලබාදුන් බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

පසුව සිල්වෙස්ටර් ස්ටැලෝන් සහ එම ශරීර ආරක්ෂකයා සමඟ තමන් ලිංගිකව එක්වූ බවද ඇය සඳහන් කර තිබෙනවා.

සියල්ල සිදුවීමෙන් අනතුරුව අදාළ සිදුවීම පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙසට තමන්ට තර්ජනය කළ බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ සිදුවීම පිළිබඳව සිල්වෙස්ටර් ස්ටැලෝන් ගෙන් කිසිදු විමසීමක් සිදු නොකර ඇති බවයි.

මේ අතර හාවී වෙයින්ස්ටයින්, කෙවින් ස්පෙසි හා ලුයි සීකේ වැනි හොලිවුඩ් දැවැන්තයන් වෙතද ලිංගික අපයෝජන චෝදනා එල්ලවී තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE