ජැක්සන් කේරළ සිනමාවත් ආක්‍රමණය කරයි

Friday, 24 November 2017 - 15:03

%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ජනප්‍රිය සිනමාව අතර තිබෙන කේරළ සිනමාවේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී තෝරාගෙන තිබෙනවා.

කේරළ සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන අනිල් කුමාරගේ නවතම සිනමා පටයට ජැක්සන් තෝරාගෙන ඇති අතර එහි නිෂ්පාදිකාව වන්නේ බිනා උන්නී ක්‍රිෂ්ණන්.

ජැක්සන් ප්‍රධාන චරිතය රඟපෑ මෑතකදී තිරගත වූ සිනමා පටයට, ආශ්‍රය කර ගත්තේද කේරළ චිත්‍රපටයක්.

කේරළයේ සිටින ප්‍රවීණ නළුවෙකු වන මොහාන් ලාල් ප්‍රධාන චරිතයට පණ පෙවූ \"දෘශ්‍යම්\" නැමැති එම චිත්‍රපටය මේ වන විට භාෂා 06කට නිර්මාණය වී තිබෙනවා.

එහි බොලිවුඩ් නිර්මාණයෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ රංගන ශිල්පී අජේ දේව්ගන්.

ශ්‍රී ලංකා චිත්‍රපටය නැරඹූ \"දෘශ්‍යම්\" නමැති එම කේරළ චිත්‍රපටයේ, නිෂ්පාදකවරයා තම රංගනය බොහෝ සෙයින් ඇගයූ බවයි හිරු කළ විමසීමකදී ජැක්සන් ඇන්තනි සඳහන් කළේ.

එම ආරංචිය කේරළයේ පැතිරීම හේතුවෙන් මෙම ආරාධනය තමන්ට ලැබුණු බව ජැක්සන් ඇන්තනී ප්‍රකාශ කළා.

චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර සහ නිෂ්පාදිකා බිනා උන්නී ක්‍රිෂ්ණන් අන්තර්ජාලයෙන් අමතා ජැක්සන් ඇන්තනීට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා චිත්‍රපටය  තුළින් කළ රඟපෑම තමන් අධ්‍යයනය කළ බවත් ඔවුන්ගේ නව නිර්මාණයේ ප්‍රධාන චරිතය රඟපෑමට තමන් තෝරාගෙන ඇති බවයි.

වයසින් ඉතා බාල තරුණියක විවාහ කරගන්නා ඉහළ පැලැන්තියක ජීවත් වන, ඉතා ගුණයහපත්, නිවුණු, වැඩිහිටි පුද්ගලයෙකුගේ චරිතය ඔහු මෙහි නිරූපනය කරන බවයි ජැක්සන් ඇන්තනී කියා සිටියේ.

මෙහි රූගතකිරීම් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ලක්නව්වලදී ලබන මස ආරම්භ වන බවද ඔහු ප්‍රකාශ කළා.

මෙම චිත්‍රපටය සිංහල පරිවර්තනයක් ලෙසත් ඉදිරියේදී නිර්මාණය කිරීමට අනිල් කුමාර බලාපොරොත්තු වන බව සඳහන්.

මේ වනවිට චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ජැක්සන් සූදානම් වන අතර මලයාලම් සහ දමිළ භාෂා ඉගෙනීමේ කටයුතු වල නිරත වන බවයි වාර්තා වන්නේ.

මෙය ශ්‍රී ලාංකේය සිනමාව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ජැක්සන් ඇන්තනි වැඩිදුරටත් අපට ප්‍රකාශ කළා.

අනිල් කුමාර ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපට 48ක් නිර්මාණය කළ කේරළයේ සිටින ඉතා දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වනවා.