%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80
Saturday, 25 November 2017 - 10:16
සුපිරි ටෙස්ට් ගැටුම මැද තරුණයෙක් සුරූපී තරුණියකට කළ යෝජනාව
46

Shares
5,531

Views
ලෝකෙම අවධානය යොමුවූ ප්‍රධාන පෙලේ ක්‍රිකට් තරඟාවලියක් වන අළු බඳුන ක්‍රිකට් ගැටුම අතරතුර සිදුවූ ඇමතුම සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී සිදුවන්නේ ක්‍රිකට් තරඟය නරඹන්න පැමිණි ක්‍රීඩා ලෝලියෙක් විසින් තම පෙම්වතිය පුදුමයට පත්කරමින් Brisbane ක්‍රීඩාංගනයේදී ඇයට මංගල යෝජනාවක් ගෙන ඒමයි.

මෙලෙස මංගල යෝජනාව ගෙන එන්නේ අළු බඳුන ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදීයි.

Brisbane ක්‍රීඩාංගනයේ නරඹන්නන් වෙනුවෙන් තැනුණු Pool Deck සිට කළ එම අපූරු විවාහ යෝජනාව මේ වනවිට ලෝකයේ බොහෝදෙනෙක් නරඹා තිබෙනවා.

මෙලෙස විවාහ යෝජනාව සිදුකරන්නේ Michael Langridge නමැති 27 හැවිරිදි තරුණයෙක් විසින් 24 හැවිරිදි Tori Roebuck නමැති සිය පෙම්වතියටයි.

එම අවස්ථාවේදී එය සජීවීව විකාශය කෙරුණු අතර ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලු ක්‍රීඩා ලෝලීන් ප්‍රීතිඝෝෂා නගමින් ඔවුන්ට සුභපැතුම් එක්කළා.

ලෝකයක් නැරඹු එම අවස්ථාව පහතින්.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE