19+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
Monday, 27 November 2017 - 15:53
19 හැවිරිදි සුරූපී නිරූපිකාවගේ කන්‍යාභාවය වෙන්දේසියේ
7,969

Views
19 හැවිරිදි සුරූපී මෝස්‌තර නිරූපිකාවක්, සිය පිවිතුරු බව ඩොලර් මිලියන 3කට අලෙවි කිරීමට සුදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් ඇය ප්‍රචාරක දැන්වීමක්ද පළකර ඇති බව සඳහන්.

ඇය එම මුදලින් ගෙයක් මිලට ගැනීම, ඉගෙනීමේ ගාස්තු පියවා ගැනීම සහ ලොව වටා සංචාරය කිරීම යන දෑ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඇයගේ කන්‍යාභාවය මිලට ගැනීම සඳහා වැඩිම ලන්සුව තබා ඇත්තේ අබුඩාබියේ කෝටිපති ව්‍යාපාරිකයෙක්.

ඒ ඩොලර් මිලියන 2.9ක් ලෙසින්.

දෙවන වැඩිම ලන්සුව හොලිවුඩ් නළුවෙකු තබා ඇත්තේ ඩොලර් මිලියන 2.8ක් ලෙසයි.

කෙසේ වෙතත් මෙතෙක් අයගේ කන්‍යාභාවය අලෙවි වී නැහැ.

Giselle නම් වන මෙම 19 හැවිරිදි ඇමරිකානු සම්භවයක් ඇති සුරූපී නිරුපිකාව පවසන්නේ තමන් මේ කරන දෙය සත්‍ය සිහිනයක් බවයි.

"මගේ ආදරය හිමි නැතී කෙනෙකු වෙනුවෙන් කන්‍යාභාවය පුද කරනවානම් ඒක මගේ තීරණයක්. කාන්තාවකට තම ශරීරය තමන්ට අවශ්‍ය පරිදි යොදා ගත හැකියි. පළමු එක්වීමට යුරෝ මිලියන 2.5 ක් ලබා ගත හැකි නම් කොපමණ දෙනෙක් එය කරනු ඇත්ද ?"



කන්‍යාභාවය අලෙවි වීම් වාර්තා වන පළමු අවස්ථාව මෙය නොවෙයි.

මීට පෙර අවස්ථාවකදීත් රුමේනියානු නිරූපිකාවක වූ 18 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රා කේපුන් පවුම් මිලියන 2කට සිය කන්‍යා භාවය අලෙවි කර තිබුණා.

ඒ චීනයේ, හොං කොංහි පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකුටයි.

කෙසේ හෝ අදාළ වාර්තාවලින් පෙනී යන්නේ සෑම භාණ්ඩයකම වටිනාකම් ඉහල යනවා සේම කන්‍යා භාවයේද මිල ඉහල යන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE