මල් හතෙන් එකක් වෙලා කාවිංගට රැවටුන ෂෙහානි, ඇත්තටම රැවටුනාද?

Tuesday, 28 November 2017 - 16:03

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%94%E0%B6%B1+%E0%B7%82%E0%B7%99%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%2C+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%AF%3F
ජනප්‍රිය රංගන ශිල්පිනී ෂෙහානි කහඳවල හිරු tv ඔස්සේ විකාශය වන මල් හතයි ටෙලිනාට්‍යයේ එන එක මලක්.

සති අන්තයේ විකාශය වන මල් හතයි ටෙලිනාට්‍යය නිසා ඇයට මේ දවස්වල ඇති ජනතා ප්‍රසාදය ඉතා ඉහළයි.

ආශාවරී නමැති ඇය රඟපාන චරිතය ඇයටම අවේනික ලෙස ඇය සකසාගෙන ඇත්තේ ඇයත් ආශාවරී සේම ජීවිතය විනෝදයෙන් ගතකරන නිසයි.

ජෝතිෂ්‍යවේදියෙකුගේ දුවක් වන ආශාවරී සමඟ පෙමින් වෙලෙන මනුර(කාවිංග පෙරේරා) වෙස් වලා ගනිමින්, ඔහුගේ මල් හතෙහි එක් මලක් ලෙස ආශාවරී ඇසුරු කරනවා.

නපුරු චරිත රඟපෑමට කැමති ෂෙහානි මේ දිනවල ආශාවරී චරිතයට සාර්ථකව පණ පොවන්නේ එහෙමයි.

කෙසේ වෙතත් පෞද්ගලික ජීවිතයේ පෙම්වතුන්ටත් ෂෙහානි රැවටුනාද?

හිරු යොමුකළ ප්‍රශ්නයට ෂෙහානි උත්තර දුන්නේ මෙහෙමයි.

\"තාමනම් කව්රුත් මාව රවට්ටලත් නෑ.. රැවටිලත් නෑ.. බලමු ඉතින් ඉස්සරහට මොනවගේ කෙනෙක් හම්බෙයිද දන්නේ නෑ ඉතින්..\"