%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Tuesday, 28 November 2017 - 18:38
ශාරුක්ට ළං වූ අලුත් ම බටහිර තරුව මෙන්න
19

Shares
2,292

Views
Ed Sheeran සමඟ ශාරුක් ඉදිරියේදී අලුත් වැඩකට අත ගසයි

Shape of You ගීතයෙන් ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වයට පත්වූ සුපිරි බටහිර ගායකයෙකු වන Ed Sheeran, බොලිවුඩ් සුපිරි තරුව වන ශාරුක් ඛාන්ගේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වනවා.

ඔහු පසුගිය දිනක ඉන්දියාවට ගොස් තිබුණේ බොලිවුඩ් නිලි ෆාරා ඛාන් විසින් පැවැත්වූ සාදයකට සහභාගී වීම සඳහායි.

එහිදී බොලිවුඩ් නළු නිලියන් ගණනාවක් සමඟ ඔහු ඡයාරූපවලටද පෙනී සිට තිබුණා.

බොලිවුඩ්හි සුපිරි තරු ගණනාවක් මේ සඳහා සහභාගී වී ඇති අතර එහිදී තමාගේ ප්‍රියතම බොලිවුඩ් තරුව වන ශාරුක් සමඟ කතා බහ කිරීමටත් Ed අමතක කළේ නැහැ.

කෙසේ වෙතත් Ed Sheeran ශාරුක් සමඟ සම්බන්ධ වන්නට බලාපොරොත්තු වන්නේ  ගායනයෙන්ද යන වග තවමත් අවිනිශ්චිතයි.

ඉන්දියාවේ වැඩිම පිරිසක් නරඹා ඇති ජාත්‍යන්තර ගීත රූප රචනය ලෙස Shape of You ඉදිරියෙන් සිටිනවා.

ඉන්දියාවේ ප්‍රකට ගීත ප්‍රචාරක ආයතනයක් වන Sony Music Entertainment Indiaහි අධ්‍යක්ෂක අර්ජුන් සැන්කාලියා සඳහන් කළේ ඉන්දියානු ගීත සම්ප්‍රදාය හා බැඳෙන ගීතයක් ලෙස Edගේ මෙම ගීතය විසින් ඉන්දියාවේ රසිකයින් වෙත ආමන්ත්‍රණයක් සිදුකළ බවයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE