%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 29 November 2017 - 9:29
කලින්ම නිවාඩු ගත්ත කෝලි කෙලින්ම විවාහයකට යයි
11,914

Views
මුම්බායි හී ටාඡ් හෝටලයේදී පෙරේදා රාත්‍රියේදී පැවැත්වුණ ඉන්දියානු හිටපු වේග පන්දු යවන්නකු වූ සහීර් ඛාන්ගේ විවාහ මංගල්‍ය උත්සවය කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, ක්‍රිකට් තරු ඔවුන්ගේ තරු පෙම්වතියන් මෙන්ම බොලිවුඩ් තරු ඊට එක්ව සිටීම හේතුවෙන්.

එමෙන්ම ඔවුන් එක්ව නර්තනයේ යෙදීමද විශේෂ අවධානයක් දිනා ගත්තා.

නාග්පූර්හී පැවැති ටෙස්‌ට්‌ තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව සම කළේ ඉතිහාසයේ ඔවුන් ලැබූ දැවැන්තම ටෙස්‌ට්‌ ජයග්‍රහනයයි.

එම ජය ලැබීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් නායක විරාට්‌ කෝලිද එදින ම රාත්‍රියේදී මෙම විවාහ උත්සවයට සිය පෙම්වතිය වූ බොලිවුඩ් තාරකාවක් වන අනුෂ්ක ෂර්මා සමගින් සහභාගි වී සිටියා.

සචින් ටෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඩ්, විරේන්ද්‍ර ෂෙවාර්ග්, ෂානියා මිර්සා, අශීෂ් නේරා, යුවරාඡ් සිං, හර්බජාන් සිං සහ අජිත් අගාකාර්ද විවාහ උත්සවයට එක්වුණා.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් එහිදී කළ නර්තන සුවිශේෂී වූ අතර විරාට්‌ කෝලි නව යුවල සමග නර්තනයේ යෙදෙන අවස්‌ථාව ද අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

කෝලිගේ එම රංගනය ඇතුළු මීට පෙර කෝලි සහ ශර්මා කළ සුපිරි රංගයක් පහතින්.

rn
rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE