%E0%B6%85%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BB%E0%B6%9F%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1
Wednesday, 29 November 2017 - 15:39
අමීර් ඛාන් සමග රඟපාන්න පෙරුම් පුරන ලෝක රූ රැජින
6,605

Views
මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළු පැළඳූ ඉන්දියාවේ මනුෂි චිල්ලාර් පිළිබඳ බොලිවුඩ් සිනමා විචාරකයින් මේ දිනවල විවිධ අදහස් පළකරනවා.

ඒ, මීට පෙර මෙම කිරුළ හිමිකරගත් ඉන්දියාවේ යුවතියන් බොලිවුඩ් තිරයත් ආක්‍රමණය කළ නිසා.

මනුෂිනම් බොලිවුඩ් නිලියක් වීමට විශාල කැමැත්තකින් පසුනොවන බවයි ඉන්දීය මාධ්‍ය ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබුනේ.

කෙසේ වෙතත් මනුෂි පවසා ඇත්තේ කෙදිනක හෝ සුපිරි බොලිවුඩ් නළු 52 හැවිරිදි අමීර් ඛාන් සමඟ රඟපෑමට අවස්ථාව හිමිවන්නේනම් එය තමන් සතුටින් භාරගන්නා බවයි.

 20 වන වියෙහි පසුවන මනුෂි ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පදිංචි වෛද්‍ය ශිෂ්‍යාවක්.

අමීර් ඛාන්ගේ දියණියගේ වයසද අවුරුදු 20ක්.

හෘද ශල්‍ය වෛද්‍යවරියක වීමට අපේක්ෂා කරන ඇය ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ලාභ අපේක්ෂා නොකරන රෝහල් ඉදිකිරීමටද ඉදිරියේදී බලාපොරොත්තු වනවා.

ඉන්දියානු තරුණියක් මෙවර ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේ වසර 17 කට පසුවයි.

මෙම කිරුළ මීට පෙර ඉන්දියාවට පැළඳුවේ සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රායි.

මින් පෙර ලෝක සහ විශ්ව රූ රැජිනියන් බවට පත්වූ ඉන්දියාවේ ඓශ්වර්යා රායි, සුශ්මිතා සෙන් සහ ලාරා දත්තා ද මේ වනවිට බොලිවුඩ්හි දක්ෂතම සහ සුරූපී නිළියන් අතර වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE