%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+%E0%B6%B8%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 01 December 2017 - 17:40
රන්බීර්ගේ විවාහය මව තීරණය කරයි
665

Views
බොලිවුඩ්යේ දඟකාරයා වන රන්බීර් කපූර් විවහ වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

දීපිකා පදුකෝන්, කත්‍රිනා කයිෆ් වැනි බොලිවුඩයේ සුරූපී නිළියන් සමඟ පෙම් සබඳතා පැවැත්වූ ඔහු විවහ වීමට සූදානම් වන්නේ ක්ෂේත්‍රයෙන් පිට යුවතියක සමඟ බවයි මේ වන විට දැනගන්නට ලැබෙන්නේ.

ඇය රන්බීර් කපූර්ගේ මව වන නීතු කපූර්ගේ තෝරා ගැනීමක්.

මේ වනවිට 35 වියෙහි පසුවන තම ආදරණීය පුතුට සුදුසු සහකාරියක් තෝරාගැනීමට පසුගිය වසර 2 පුරාම බොහෝ වෙහෙස වුණ බවයි නීතු කපූර් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

රන්වීර් කපූර් පැරණි බොලිවුඩ් තරු වන රිෂී කපූර් සහ නීතු කපූර්ගේ බාල පුත්‍රයායි.

ඔහු මේ වනවිට රංගනය මෙන්ම චිත්‍රපට නිෂ්පාදන කටයුතු වලද නියැලෙනවා.

කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ රන්බීර් කපූර් බොලිවුඩයේ නවක සුරූපී නිළියන් වන සෝනම් කපූර් සහ නර්ගීස් ෆක්‍රි සමඟද මිතුදමට එහා ගිය සබඳකම් පැවැත්වූ බවයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE