කෝලිගේ විවාහ මංගල්‍යය තිබූ තැනට ඔබාමත් ඇවිත් (ඡායාරූප)

Tuesday, 12 December 2017 - 18:39

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මේවනවිට කාගේත් කතාබහට ලක්ව තිබෙන ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා අතර විවාහ මංගල්‍යය පැවති ඉතාලියේ විශේෂ ස්ථානය පිළිබඳව විදෙස් මාධ්‍ය විසින් කරුණු අනාවරණය කර තිබෙනවා.

ඉතාලියේ Tuscany හි සිදුකෙරුණු මෙම විවාහ මංගල්‍ය කාගේත් ආකර්ෂණය දිනාගත් එකක් වුණා.

ඒ අනුව Tuscany හි Borgo Finocchieto නම් නිකේතනයේ දී කෝලි - අනුෂ්කා අතිනත ගනු ලැබුවා.

Forbes වාර්තාවලට අනුව මෙම නත්තල් සහ නව අවුරුදු සමයේ දී ලොව දෙවැනියට මිල අධිකතම නිවාඩු නිකේතනය ලෙසින් හඳුන්වනු ලබනවා.

අක්කර 6 ක් පුරා විහිදුණු මෙම භූමිභාගයෙහි අමුත්තන් 44 දෙනෙකුට සේවා සැපයිය හැකි ආකාරයේ විලා නිවාස 22 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධිආරක්ෂාවක් සපයා ඇති මෙම ප්‍රදේශය පුරාවට අනාරාධිත පුද්ගලයින්ට කිසිසේතම ප්‍රවේශ විය හැකි ස්ථානයක් නොවන බවද සඳහන්.

ඉතාලියේ හිටපු ඇමරිකානු තානාපතිවරයා වූ John Phillips හා තවත් තිදෙනෙකු එක්ව මෙම පැරණි ගම්මානය මිලදී ගෙන  Borgo Finocchieto වර්ග අඩි 30,000 කින් යුතු ගම්මානය නැවත පිළිසකර තිබෙනවා.

පසුගිය මැයි මාසයේ දී හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා ද මෙහි නවාතැන් ගෙන ඇති අතර මෙහි ඇති කාමර  වසර 800 ක් පමණ පැරණි බවයි සඳහන් වන්නේ.

ඉතාලියේ මිලාන් හා ෆ්ලොරන්ස් යන ගුවන්තොටුපළ දෙකටම මෙහි සිට සම්බන්ධ විය හැකි අතර මිලාන් නුවර සිට කිලෝමීටර 372 ක දුරකින් Borgo Finocchieto පිහිටා තිබෙනවා.

 

\"\" \"\" \"\" \"\" \"\" \"\"