සුරූපී ගායිකාවට අධිකරණය දුන් නියෝගය (ඡායාරූප)

Wednesday, 13 December 2017 - 13:03

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඊජිප්තු අධිකරණයක් මඟින් එරට ජනප්‍රිය ගායිකාවකට වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂයිමා අහමඩ් නමැති 25 හැවිදිරි මෙම ගායිකාවට අඩ නිරුවතින් රූප රචනයක (මියුසික් වීඩියෝ) පෙනීසිටීම හේතුවෙන් ඇයට මෙම දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල චෝදනාවට ඇය පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල රූප රචනය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයාටද අධිකරණයේ මඟින් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇති අතර ඔහු නඩු විභාගය සඳහා පෙනී නොසිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සමාජයට නුසුදුසු දෙයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට උත්සහ කිරීම යන චෝදනාව යට‍තේ ඇයට මෙම චෝදනාව එල්ලවී තිබුණා.

ශාමා ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම ගායිකාව තමාට මෙම චෝදනාව එල්ල වන අවස්ථාවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මෙම සංගීත වීඩියෝව නිකුත් කිරීමෙන් පසු මෙවැනි බරපතල තත්වයකට තමන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කිසිදිනක නොසිතූ බවයි.

අදාල වීඩියෝවේ තිබූ දර්ශනවල ඡායාරුප පහතින්.

\"\" \"\" \"\" \"\"