ජනප්‍රිය ගායක විරාජ් පෙරේරා අනතුරක (ඡායාරූප)

Thursday, 22 February 2018 - 20:06

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යොවුන් ගායකයෙක් වන විරාජ් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අද මෝදර ප්‍රදේශයේදී  අනතුරට ලක්ව තිබෙනවා.

ත්‍රීරෝද රථයක ගැටුණු විරාජ්ගේ මෝටර් රථයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මීට දින 5කට පමණ පෙර ප්‍රංශයේ පැරිස් නුවර සංගීත ප්‍රසංගයකට සහභාගී වී දිවයිනට පැමිණ නිවෙස බලා එමින් සිටියදී විරාජ් පෙරේරා මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

දිගු ගමනකින් විඩාවට පත්ව සිටි විරාජ් පෙරේරා විසින්ම මෙම මෝටර් රථය පදවා ඇති අතර ඒ හේතුවෙන් නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වූ ත්‍රීරෝද රථයේ ළමුන් 5දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව සඳහන්.

වත්මන් සමාජයේ අනතුරු සිදුකර පළායන නමුත් විරාජ් තුවාල ලැබූ ළමුන් ඇතුළු පිරිසට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු ද සැලසුම් කර දී තිබෙනවා.

මෝදර පොලිසිය අසල මෙම අනතුර සිදුව ඇති බවත් විරාජ් පෙරේරා මේ වන විට පොලිස් භාරයේ පසුවන බවත් වැඩි දුරටත් වාර්තාවුණා.

\"\" \"\"