බොලිවුඩයේ කඩවසම් නළුවෙක් සිය දිවි හානිකරගනියි

Monday, 14 May 2018 - 12:03

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
Inder Kumar කියන්නේ බොලිවුඩයේ හිටපු  දක්ෂ වගේම කඩවසම් නළුවෙක්.

1996  Masoom සිනමා සිත්තම හරහා නළුවෙක් වන ඔහු බොහෝ තරුණියන්ගේ ආකර්ශය ගත් නළුවෙක් බවට පත් වෙනවා.

ඒ වගේම තරුණියන්ගේ සිහින කුමාරයා වන්නටත් ඔහුට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. නමුත් මොහු බොලිවුඩයම හඩවමින් නික්ම යනවා.

අධික මත්පැන් පානය කරන ඔහු මිය යන්නේ හෘදයාබාධයකින් යැයි පැවසෙනවා.

නමුත් ඔහු මිය යාමට සුළු මොහොතකට පෙර හඩමින් වීඩියෝවක් ඔහුම පටිගත කරනවා.

\"මරණය මට දැන් වැළද ගන්න හිතෙනවා..\" යැයි කියමින්. එම වීඩියෝව නිකුත් කර තිබෙන්නේ ඊයේ දිනයේ.

ඔහු මිය ගියේ නැහැ සිය දිවි හානි කරගත්තා යැයි සැකයක් මතුව තිබෙන බවට මේවන විට විදෙස් මාධ්‍ය තොරතුරු පළකරමින් සිටිනවා.

රංගන ශිල්පී Raju Kariyaගේ දියණිය සමග ඔහු විවාහ වෙන්නේ 2003 වර්ෂයේ.

ඉන් මාස පහකට පසුව ඇයගේ බිරිද ගැබ් ගන්නවා. ඔවුන්ට දියණියක් ඉපදෙනවා.

බිරිද සමග නිරන්තරයෙන්ම ආරවුල් ඇති කරගත් මොහු ඇයගෙන් දික්කසාද වී 2009 වර්ෂයේ වෙනත් කාන්තාවක් විවාහ කරගන්නවා.

ඇයගෙනුත් දික්කසාද වෙන ඔහු Pallavi Sarraf සමග විවාහ වෙන්නේ ඇයව තෙවැනි බිරිද කරගනිමින් ඒ 2013 වර්ෂයේ. ඇය දියණියක් බිහි කරනවා. daughter Bhavana නමින් 2014 වර්ෂයේ.

ඔය අතරතුර ඔහු තරුණියක්ව අතවර කළා යෑයි චෝදනා ලබමින් සිරගෙයි යනවා.

මේ සියලු ප්‍රශ්න හමුවේ වේදනාවෙන් සිටින ඔහු පසුව මිය යනවා. දැන් ප්‍රශ්නයක් මතුව තිබෙන්නේ ඔහු ඔහුගේ ප්‍රශ්න සියල්ල වීඩියෝ ගත කරමින් සියදිවි හානි කරගත්තා කියලයි.