ජනප්‍රිය රැප් ගායකයා මෝටර් රථය තුලදී වෙඩි තබා ඝාතනය කෙරේ

Tuesday, 19 June 2018 - 9:36

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක ට්‍රිබල්එක්ස්ටෙන්ටේෂන් (XXXTentacion) වෙඩි තබා ඝාතනයකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණුදිග ෆ්ලොරීඩා හිදී ඊයේ (18) පස්වරුවේ මොහුට වෙඩි තබා ඇති බවයි.

20 හැවිරිදි වියේ පසුවූ ට්‍රිබල්එක්ස්ටෙන්ටේෂන් සිය BMW sports වර්ගයේ මෝටර් රථය තුල සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ මෙම ජනප්‍රිය ගායකයා මෝටර් රථය තුලදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි ඔහුගේ මළ සිරුර සොයාගත් පුද්ගලයින් පොලිසියට පවසා ඇත්තේ.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම ඝාතනය සඳහා තුවක්කුකරුවන් දෙදෙනෙක් පැමිණ ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ට්‍රිබල්එක්ස්ටෙන්ටේෂන් නමින් ප්‍රකටව සිටියද මොහුගේ සැබෑ නම ජාහ්සේහ් ඔන්ෆ්‍රෝයි බවයි ෆ්ලොරීඩා ආරක්ෂක අංශ පවසන්නේ.

රැප් සංගීත ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වූ 20 හැවිරිදි මෙම ගායකයා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ චෝදනා රැසක් එල්ල වූවෙක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඔහුට එරෙහිව මේ වනවිට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ සාහසික අපරාධ සිද්ධීන් 15කට වැඩි ප්‍රමාණයකට අධිකරණයෙන් චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

ට්‍රිබල්එක්ස්ටෙන්ටේෂන්ට වෙඩි වැදී සිටි අවස්ථාවේ පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් පටිගතකරගත් දර්ශන පහතින්.