Hiru Golden Film Awards 2018 - හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙනයන ස්වර්ණමය රාත්‍රියේ තෙවන දැවැන්ත දිගහැරුමේ ප්‍රථම මාධ්‍ය හමුව -ඡායාරූප

Thursday, 12 July 2018 - 17:57

Hiru+Golden+Film+Awards+2018+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4
ශ්‍රී ලාංකේය රූපවාහිනී වංශකතාව තුල දිගහැරෙන අපූර්වතම රූපවාහීනී අත්දැකීම් රැසක් ප්‍රේක්ෂක සහෘද ඔබට තිළිණ කරන හිරු ටීවී, රූපවාහිනී නව්‍යකරණයේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබන්නට සමත් වුණේ Hiru Golden Film Awards ජාත්‍යන්තර මට්ටමේ සිනමා සම්මාන උළෙලක අත්දැකීම ඔබ හමුවේ ගෙනඑමින්.

සිංහල සිනමාව යලිත් ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක් දක්වා ඔසවා තැබීමේ මහඟු අරමුණ කරගත් ටෙලිවිෂන් නාළිකාවක් සිංහල සිනමාව වෙනුවෙන් සංවිධානය කරනුු ලැබූ පළමු ජාත්‍යන්තර තලයේ සිනමා උළෙල මෙයයි.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව 2014 වසරේ පළමුවරට ”Hiru Golden Film Awards 2014” අති උත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී අති දැවැන්ත තාක්ෂණික වේදිකාවක් මත දී පැවැත්වූ බව අදද මතකයේ අමරණීයව තිබෙනු නිසැකය.

පසුව 2016 වර්ෂයේදී යලිත් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව දෙවනිවරටත් ”Hiru Golden Film Awards 2016” සැත්තැම්බර් 11 දින නෙලූම් පොකුණ රඟහලේ දී ජාත්‍යයන්තර ප්‍රමිතියෙන් යුතුව යලිත් පැවැත්වූ බවද සතුටින් දන්වා සිටිමු.

ඒ අනුව තුන්වර වරටත්  ”Hiru Golden Film Awards 2018” සඳහා මෙරට තිරගතවූ චිත්‍රපට 51 ක් විනිශ්චයන්ට ලක්වන අතර,  එහිදි කලාත්මක ,ජනප්‍රිය සහ විශේෂ සම්මාන ප්‍රධානය කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම චිත්‍රපට 51ට අදාළ චිත්‍රපට අධ්‍යක්ෂකවරු සහ නිශ්පාදකවරු සහභාගී වූ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

එළැඹෙන ඔක්තොබර් 11 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වෙන ”Hiru Golden Film Awards 2018” අති උත්කර්ෂවත් සිනමා සම්මාන උළෙලේදී,  බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම තාරකාවන් සම්මාන උළෙල වර්ණවත් කරමින් සහභාගි වීමට නියමිතයි .

එතෙර මෙතර ජනප්‍රිය තාරකාවන් රැසක් පායමින් ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ ස්වර්ණමය ස්වරූපය යලිත් වරක් වර්ණවත් කරමින් ලාංකීය සිනමාවේ සියළුම විෂයන් අභිෂේක ගන්වමින් රන් සම්මානයන් පිදීමට ”Hiru Golden Film Awards 2018” සියල්ල සුදානම්කර ඇතිබව ඔබට දන්වමු.

\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"

\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"\"
\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"
\"\" \"\"