%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B7%80%E0%B7%83%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Tuesday, 17 July 2018 - 11:43
හින්දි සිනමාවෙන් ලොවම වසඟයට ගත් සුරූපී නිළියට පිළිකාවක් වැළඳී ඇති බවට පළවන කතාවේ ඇත්ත මෙන්න
4,432

Views
බොලිවුඩ් සිනමා රංගනයෙන් ලොවම තම වසඟයට ගත් සුරූපී රංගන ශිල්පිණියක් පිළිබඳව කණගාටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස වාර්තා කර ඇත්තේ සුරූපී රංගන ශිල්පිණියක් වූ සොනාලි බෙන්ඩ්රේ හට පිළිකාවක් වැළඳී ඇති බවයි .

අදාළ පුවත වාර්තාවීමත් සමඟ බොහෝ රසිකයන් ඇය වෙත සිය කණගාටුව පලකර තිබෙනවා.

තම හිසකෙස් කපා දමා ප්‍රතිකාර ලබාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඇය සමාජ මාධ්‍ය වෙත එක්කිරීම විශේෂත්වයක්.

මේ වනවිට ඇය ඇමරිකාවේ සිට ඒ සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවයි සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ වනවිට වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඇය පිළිකා අදියරයන්හි දරුණුම තත්වයේ පසුවන බවයි.

Aag චිත්‍රපටය ඔස්සේ වර්ෂ 1994 දී සිනමාවට පිවිසි ඇය එම චිත්‍රපටයෙන්ම සම්මාන ලාභියෙකු වීමට වාසනාවන්ත වූවා.

ඉන් අනතුරුව ඇය අමීර් ඛාන්, අමිතාබ් භච්චන්, අජේ දේව්ගන්, ෂාරුක් ඛාන්, සල්මාන් සමඟ චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වෙමින් රසික හදවත් දිනාගත්තා.

බොලිවුඩ් සිනමාවෙන් රංගනයට පිවිසි ඇය දමිළ මෙන්ම තෙලිඟු සිනමාවටද රංගනයෙන් දායක වූවා.







Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE