%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%82%E0%B6%BA%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%2C+%22%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE+%E0%B6%9C%E0%B7%9E%E0%B6%AD%E0%B6%B8%22+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%9A+%E0%B6%86%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
Monday, 03 September 2018 - 15:19
මෙතෙක් ලොව පහළ වූ මහා පුරුෂයාණන්ගේ අසහාය දිවි ගමන, "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" අද සිට හිරු ටෙලි තිරයෙන් ඔබේ ආලින්දයට
318

Views
දුක්ඛ සම්භාරයෙන් , බෝධි සම්භාරය පිරූ අසමසම උත්තමයාණන්ගේ කුමාර අවධිය අවලෝකනය කෙරෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මහා කාව්‍යය "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" අද සිට එනම් සැප්තැම්බර් මස 03 වන දින සිට සතියේ දින පහේම රාත්‍රී 7.30ට හිරු ටෙලි තිරයේ විකාශය කෙරෙනවා.

මෙතෙක් ලොව පහළ වූ මහා පුරුෂයාණන්ගේ අසහාය දිවි ගමන, "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" ටෙලිවිෂන් කාව්‍ය තුලින් ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ කිසිදා අත්නොවිදි ටෙලිවිෂන් අත්දැකීමක් මෙරට ටෙලිවිෂන් ප්‍රේක්ෂයන් වෙත තිළින කිරීමට හිරු ටීවී ආයතනය ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ කිසිදු නාට්‍යමය අවස්ථාවක් සඳහා නොදැරූ පිරිවැයක් දරමින් උසස් ප්‍රමිතියකින් සමන්විත නිර්මාණය කළ ඇති විශිෂ්ඨ ටෙලි වෘතාන්තයකි.

අති දැවැන්ත වූ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" ටෙලිවිෂන් කාව්‍යය නරඹන්නට හිරු ප්‍රේක්ෂක ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE