%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B7%82%E0%B7%84%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%3F
Monday, 24 December 2018 - 12:19
ජනප්‍රිය නළු ෂහිඩ් කපූර්ට පිළිකාවක් ?
1,020

Views
ෂහිඩ් කපූර් කියන්නේ බොලිවුඩයේ ඉන්න දක්ෂ වගේම ආදරණිය රංගන ශිල්පියෙක්.

ඔහුගේ රංගන හැකියාවට ඕනෑම වයස් පරතරයක කෙනෙක් වශී වෙනවා කිව්වොත් නිවැරදියි. තවමත් 37 වැනි වියේ පසුවන ෂහිඩ් කපූර්ට උදරයේ පිළිකා තත්ත්වයක් හටගෙන ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම විවිධ ඉන්දියානු වෙබ් අඩවි පුවත් වාර්තා කර තිබෙනවා.

මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ෂහිඩ්ගෙන් කරුණු විමසීමට උත්සහ කළත්  ඒ සඳහා පිළිතුරු දීමට ෂහිඩ් ඉදිරිපත් වෙලා නැහැ කියලා තමයි කියන්නේ.

ෂහිඩ්ගේ වෛද්‍යවරයා පවසා ඇති අන්දමින් මෙලෙස උදරයේ පිළිකා තත්ත්වයේ මූලික අවස්ථාවේ සහිඩ් සිටින බව ඉන්දියානු පුවත් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ කාරණාව සම්බන්ධයෙන් ෂහිඩ් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි.

ඒ හේතුවෙන් ප්‍රචාරය වන පුවත් පිළිබඳ සැලකිලිමත් නොවන ලෙස ඔහු රසික රසිකාවියන්ගෙන් එහිදී ඉල්ලා තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE