%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%B3%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%87%E0%B6%AF%E0%B7%84%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 27 February 2019 - 15:40
මුළු රටම කතාවෙන හිරු ස්ටාර් කිරුළු පළඳින සුපිරි තරුවට හිමිවන ඇදහිය නොහැකි සුපිරි ත්‍යාග මෙන්න
1,367

Views
ජයග්‍රාහකයාට මිලියන 6කට අධික වටිනාකමකින් යුතු නවීන පන්නයේ AUDI මෝටර් රථයක්
මුදලින් මිලියනයක් ,
ලක්ෂ 100ක් වටිනා රූප රචනා 12ක් අඩංගු ගීත තැටියක්

ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම "හිරු STAR" අවසන් මහා තරඟයට (Grand Finale) තව ඇත්තේ දින කිහිපයක්.

"හිරු STAR" අවසන් මහා තරඟය මාර්තු 3 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

ටෙලිවිෂන් වැඩසටහන් කලාව සුවිශේෂි මඟකට යොමු කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු STAR නිර්මාණාත්මක අධ්‍යක්ෂක  නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම වැඩසටහනට  ගායන හැකියාව ඇති තරුණ තරුණියන් රැසක් සහභාගී වී සිටි අතර මේ වන විට අවසන් මහා තරඟය සඳහා අති දක්ෂයින් සිව් ‌දෙනෙකු අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

පසුගියදි පැවති Hiru Star - Ticket To Finale තරඟ අතරින් ජනතාවගේ මනාපයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ එම තරගකරුවන් වන්නේ බටපොළ - මංගල ඩෙනෙක්ස්, වෙන්නප්පුව - ෂම්මි ප්‍රනාන්දු, දිවුලපිටිය - අමිල කාවින්ද සහ මීගමුව - සුජාන් ප්‍රනාන්දුයි.

හිරු STAR අවසන් මහා තරඟයේදී ජයග්‍රාහකයාට හිරු STAR කුසලානය සමග මිලියන 6කට අධික වටිනාකමකින් යුතු නවීන පන්නයේ AUDI මෝටර් රථයක් සහ මුදලින් මිලියනයක් , ලක්ෂ 100ක් වටිනා රූප රචනා 12ක් අඩංගු ගීත තැටියක් ජයග්‍රාහකයාට හිමිවනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE