නදිමාල් යළිත් ප්‍රේක්ෂකයින් අතරට - (වීඩියෝ)

Friday, 12 April 2019 - 12:15

%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පසුගිය දිනවල සමාජයේ මහත් කතා බහට ලක් වුණු සිද්ධියක් තමයි මාකදුරේ මදූෂ් ඇතුළු පිරිසක් ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීම.

හැබැයි ඒ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට කලාකරුවන් තිදෙනෙක්ද සිටියා.

ඒ තමයි අමල් පෙරේරා, ඔහුගේ පුත් නදිමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රෝයි යන අය.

ඊට දින කිහිපයකට පසු අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි නදිමාල් පෙරේරා එරට බලධාරින් මෙරටට පිටුවහල් කළා.

දිවයිනට පැමිණි අවස්ථාවේ නදිමාල් මාධ්‍යයට කිව්වේ ඩුබායි වලදී වෙච්ච හැමදේම ඉක්මනටම කියන්නම් කියලයි.

කෙසේ වෙතත් නදිමාල්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් නදිමාල් ගෙන් සුබ ආරංචියක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ අතර නදිමාල් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඔහු විසින් ගීත ගායනා කරන වීඩියෝවක් ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා.

\r\n