%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Friday, 10 May 2019 - 7:47
හැමෝටම ස්තූති කර සංවේදී ෆේස්බුක් සටහනක් තබා සුපිරි විකට රජු අභිරහස් ලෙස දිවියෙන් සමුගනී
13,798

Views
ජනප්‍රිය විකට තරුවක් වූ ෆ්‍රෙඩී ස්ටාර් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ස්පාඥ්ඥයේ මිජාස් හි ඔහුගේ නිවසේ තිබී ෆ්‍රෙඩී ස්ටාර්ගේ නිරුවත් මල සිරුර සොයාගෙන ඇති බවයි.

ලෝ ප්‍රකට විකට තරුවක් වූ ෆ්‍රෙඩී ස්ටාර් මියයනවිට 76 හැවිරිදි වියේ පසුවූවා.

මේ අතර බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ මියයාමට හෝරා කිහිපයකට පෙර ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම වෙත එක්කර තිබූ සටහනක් වෙතයි.

හැමදේම හොඳින් සිදුවනු ඇති බවට සියලුදෙනා විශ්වාස කරන බවත් තමන් මේ වනවිට දැඩි මහන්සියකින් පසුවන බවත් එහි සඳහන්.

එසේම අදාළ සමාජ මාධ්‍ය සටහන ඔස්සේ මේ සුපිරි තරුව තමන් සමඟ සිටි සිය රසික රසිකාවියන් ඇතුළු සියලුදෙනාට ස්තූතිය පුදකිරීමටද අමතක නොකිරීම විශේෂත්වයක්.




 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE