%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B1%E0%B7%93
Monday, 11 November 2019 - 17:36
සැමියා සමඟ ඩුබායි ගිය සනී
1,544

Views
මේ වනවිට ලෝකයේම අවධානය දිනාගනිමින් සමාජ මාධ්‍යජාල ඔස්සේ හුවමාරුවන ඡායාරූප පෙළක් ගැන තොරතුරු වාර්තාවනවා.

මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ සරාගී බොලිවුඩ් නිළි සනී ලියොන් වෙතයි.

කලක් අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් කුප්‍රකට වූ ඇය පසුකලෙක එම වෘත්තීය අතහැර දමා හින්දි සිනමා රංගනයට පිවිසියා.

අනතුරුව සනී ලියෝන් විවාහ වූයේ  ඩැනියෙල් වෙබර් නමැති ඇමෙරිකානු රංගන ශිල්පියෙකු සමඟයි.

මෙලෙස නැවත සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව ඇත්තේ සනී ලියොන් සිය සැමියා සමඟ නාන ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප පෙළක් වෙතයි.

ඔවුන් එම ඡායාරූප ලබාගෙන ඇත්තේ ඩුබායි හි සංචාරයක නිරතවන අතරතුරයි.

මෙලෙස ඇය බිකිනියකින් සැරසි සිටින්නේ ඩුබායි හි තරු හතේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකයි.

විවාහයෙන් පසු කලක් තිස්සේ පැවති දිගු නිහැඬියාව බිඳිමින් "කාලයකට පසුව සැමියා සමග විනෝදයෙන් ගත කළා " යනුවෙන් සටහන් කරමින් ඇය සමාජ මාධ්‍ය වෙත මෙම ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබුනා.

එම ඡායරූප පෙළ පහතින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE