%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%22%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+Star%22+-+season+2+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+-+Video+%26+Photos
Saturday, 30 November 2019 - 11:14
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම "හිරු Star" - season 2 අද සිට - Video & Photos
195

Views
ශ්‍රී ලාංකීය ටෙලිවිෂන්කරණය යාවත්කාලීන කළ හිරු TV, සියලු රියැටිලි වැඩසටහන් අතික්‍රමණය කරමින් සජිවි රියැලිටි ටෙලිවිෂන්කරණය නිර්වචනය කළ මෙරට ප්‍රථම සහ එකම සජීවී රියැලිටි ටෙලිවිෂන් සන්නාමය 'හිරු Star' season 2 අද (30) ආරම්භ වනවා.

මෙය ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීමයි.‍

එමෙන්ම මනාපය පලකරන සියලු දෙනාගේ ඡායාරූප සජීවීව හිරු ටෙලිවිෂන් තිරය මත ඒ මොහොතේම ඔබට දැක බලා ගැනීමට අවස්ථාව උදාවෙනවා.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවතම තාක්ෂණය භාවිතා කරමින් කරන මෙම සජීවී වැඩසටහන අද (30) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට ඔබේ ආලින්දයට සජීවීව ගෙන ඒමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

කෙසේ නමුත් ඔබගේ අති ගෞරවනීය ඒ මනාපය පළ කිරීමට හැකියාව පවතින්නේ 'හිරු STAR' Mobile APP එක හරහා පමණයි.

එමෙන්ම 'හිරු STAR' Mobile App එක Download කරගැනීමේ හැකියාව පවතින අතර මේ වනවිටත් අති විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ 'HIRU STAR' ඇප් එක Download කර අවසන්.

ඔබ කළ යුත්තේ Android හෝ iphone වර්ගයේ ජංගම දුරකතනයක් තුළින් 'හිරු STAR' Mobile APP එක හැකි පමණ ඉක්මනින් Dowanload කරගැනීමයි.

මෙය faebook ගිණුමක් තරම්ම පහසු ක්‍රියාවලියක් බව එවිට ඔබට වැටහේවි.

ඔබ භාවිතා කරන්නේ iphone එකක් නම් App Store එකේ 'හිරු STAR' කියලා Search කරලා App එකට පිවිස ඔබට පහසුම භාෂාව තෝරාගන්න.

ඔබ භාවිතා කරන්නේ Android phone එකක් නම් Play Store එකේ 'හිරු STAR' කියලා Search කරලා App එකට පිවිස ඒ අයුරින්ම ඔබට පහසුම භාෂාව තෝරාගන්න.

ඒ වගේම ඔබගේ faebook හෝ Twitter ගිණුම් හරහා ඉතාමත් පහසුවෙන් 'හිරු STAR' App එකේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව පවතිනවා.

හිරු STAR App එක Download කරගැනීම සම්පූරණ වීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට යාමේදී ඔබගේ අනන්‍යතාවය තහවුරු වන වඩාත් සමීප ඡායා රූපයක් ඇතුළත් කරන්න.

ඒ වගේම අවශ්‍ය අනෙකුත් තොරතුරු වශයෙන් ඔබගේ Email Address එක නැතහොත් විද්‍යුත් ලිපිනය සහ ඔබට පහසුවන් මතක තබා ගත හැකි මුර පදයක් නැතහොත් Pass Word එකක් ඇතුළත් කරමින් 'හිරු STAR' App එකේ සාමාජිකත්වය ලබා ගැනීමට පුළුවන්.

එවිට අද (30) සිට සජීවී ගායන තරගයේ සජීවීව විනිශ්චය ලබා දීමට ඔබට වරමක් හිමි වෙනවා.

ඒ විතරක් නොවෙයි ඔබගේ මනාපය පළ කිරීම තුළින්, ඔබගේ සමීප ඡායා රූපය එසැණින්ම දැවැන්ත වීඩියෝ තිරය මත මුළු ලෝකයටම දිස් වෙනවා.

ඒ අයුරින් අදාළ තරඟකරුවන්ට මනාපය පළකර සිටින්නෝ කවුරුන්ද යන්න මෙහිදී සුපහැදිලිව, විනිවිදව දැකගත හැකි වෙනවා.

එපරිද්දෙන් ප්‍රශස්ත මනාප ප්‍රතිශතය ඉක්මවා යන තරග කරුවන් සජීවීව එසැණින්ම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වනු ඇති.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රථම වතාවට මිලියන 22ක ජනතාව සංගීතයේ සිහසුන තනන්නටයි මෙම වැඩසටහන හරහා සජීවීව සුදානම් වන්නේ.

Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න

iOS - https://goo.gl/4zmabW

Android - https://goo.gl/oNHxZi





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE