Miss+Universe+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7+%E0%B6%87%E0%B6%AF%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
Wednesday, 11 December 2019 - 17:27
Miss Universe තරඟයේ නාන ඇඳුම් විලාසිතා වටයේදී සුරූපිණියන් එක පෙළට ඇදවැටෙන වීඩියෝවක් එළියට එයි
4,222

Views
මෙවර 68 වැනි වරට පැවති විශ්ව රූ රැජිණ තරගයේ එහෙමත් නැත්නම් miss universe තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාවේ කළු ජාතික යුවතියකට හිමි වීමත් එක්ක ලෝකය පුරාම අවධානය ඇය වෙත හිමිවුණා කිව්වොත් හරි.

මේ අතරේ ඉතිහාසයේ ප්‍රථම වතාවට Miss America, Miss USA, Miss teen USA සහ Miss universe කියන තරගාවලි සියල්ලන්ගේම ජයග්‍රහණය කළු ජාතික තරුණියන්ට හිමි වීම කැපී පෙනෙන සිදුවීමක් වුනා.

කොහොම වුනත් දැන් මේ කියන්න යන්නේ 25 හැවිරිදි සොසිබිනි තුන්සි ජග්‍රහණය කරමින් වැඩිම ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගත්ත 2019 miss universe තරගාවලියේ ගොඩක් අයගේ අවධානයට ලක්නොවුන එක් විශේෂ කාරණාවක් ගැන කියන්න.

මෙවර තරගාවලියේ කරට කර පැවති තරගවට ගණනාවක් ගැන සොයබලද්දී තමයි මේ කතාව අපිට දැනගන්න ලැබෙන්නේ.

මේක සිද්ධ වෙන්නේ 2019 miss universe තරගාවලියේ Swimsuit Competition එහෙමත් නැත්නම් නාන ඇඳුම් විලාසිතා වටයේදී.

එම තරගවටයට අදාල වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් එක්ක අලුත් කතාවක් කරලියට එනවා.

ඇත්තටම ඒක තරගයට සහභාගී වුන නිරූපිකාවන්ට නම් ඒ තරම් සුබදායි තරග වටයක් නොවන බව තමයි දැනගන්න ලැබෙන්නේ.

මොකද පැමිණ සිටි ආරාධිත අමුත්තන් රැසක්ම වික්ෂිප්ත කරමින් වේදිකාව මත ඇවිද යන රූ රැජිනියන් කිහිප දෙනෙක්ම එක පෙළට වේදිකාව මත ඇදගෙන වැටෙන්නේ හරියට කතා කරගෙන කරපු වැඩක් වගෙයි.   

කොහොම වුනත් අවස්ථා ගණනාවකදී රටවල් කිහිපයකම රූ රැජිණියන් වේදිකාව මත ඇදගෙන වැටීම ඔවුන්ව වගේම ප්‍රේක්ෂකගරයත් අපහසුතාවයට පත් කරනවා කිව්වොත් හරි.

වේදිකාවේ තිබුණු කිසියම් තාක්ෂණික දෝෂයක් මීට හේතු වෙලා තියනවා කියලා තමයි දැන් දැන් වෙද්දී දැනගන්න ලැබෙන්නේ.

කොහොම වුනත් අපහසුතාවයට පත් වුන මේ තරුණියන් වෙනුවෙන් ප්‍රේක්ෂකගාරය ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ වීඩියෝ එකෙන් දකින්න ලැබෙනවා.

කොහොම වුනත් රටවල් ගණනාවක්ම නියෝජනය කරමින් පැමිණ සිටි තරුණියන් කිහිප දෙනෙක්ම මේ සිදුවීමේදී ලොකු අපහසුතාවයකට පත්වීම ඇත්තටම කණගාටුදායක සිදුවීමක් කියලා තමයි මේ වීඩියෝ එක දැකපු හැමෝම වගේ කිව්වේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE